මහබාගේ ඇලපිටිවල හන්දිය ආසන්නයේ දී අද (21) පෙරවරු 7.15ට පමණ වෙඩි තබා පුද්ගලයෙක් ඝාතන කර තිබේ..
යතුරු පැදියකින් පැමිණි නාදුනන ඝාතකයින් දෙදෙනකු විසින් මෙම වෙඩිතැබීම සිදු කර පලා ගොස් ඇත.
මිය ගොස් ඇති පුද්ගලයා හෙට්ටිආරච්චිගේ දොන් සුජිත් නැමැති අයෙකු වන අතර මෙම අය වැල්ලේ සාරංග නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ ඥාතියකු වන බවට තොරතුරු ලැබි ඇති බව පොලිසිය කියයි.
යුක්තිය මහෙයුම අතරේ සිදුවන පාතාල මිනී මරා ගැනීම් බහුල වී ඇති අතර පෙරේදා රාත්‍රියේ බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ මහල් නිවාසයක සිදුකළ වෙඩි තැබීමකින් පාතාලයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙක් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබීය.