මහනුවර මහ නගර සභාවේ සේවය කරමින් සිට සේවය හැරගිය සුළු සේවකයෙකුට වසර හතරක කාලයක් තිස්සේ වැටුප් ලෙස ඔහු ගේ ගිණුමට රුපියල් ලක්ෂ 17 ක මුදලක් බැරකර තිබේ.
මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් කාර්යාලය මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
ජල කර්මාන්ත දෙපාර්තමේන්තුවේ සිට ඝන අපද්‍රව්‍ය අංශය වෙත මාර කිරීමෙන් පසු මෙම සුළු සේවකයා සේවය හැරගිය ගොස් තිබේ.
2019 වසරේ අප්‍රේල් මස 02 වැනි නගර සභාවේ ජල කර්මාන්ත දෙපාර්තමේන්තුවේ සේවයට එක්ව ඇති මොහු එම වසරේ ජූලි මස ඝන අපද්‍රව්‍ය අංශය වෙත මාරුකර ඇත. එහි සේවය කිරීමට අකමැත්ත දක්වමින් 2019 අගෝස්තු මස 08 දින ඔහු සේවය අතහැර ගොස් ඇත.
නොදන්වා සේවයට වාර්තා නොකිරීමේ පදනම මත ඝන අපද්‍රව්‍ය අංශය මගින් මොහුගේ වැඩ තහනම් කිරීමේ ලිපියක් ද නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇතත් 2019 අප්‍රේල් 02 සිට 2023 අගෝස්තු මාසය දක්වාම නගර සභාව මගින් අඛන්ඩව මාසික වැටුපක් ගෙවා තිබේ.
විගණන අංශ මගින් ද මේ සම්බන්ධව පරීක්ෂණයක් සිදුකර ඇත. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම නිසා මෙම සේවකයා වසර දෙකක පමණ කාලයක් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනකය වී තිබෙන අතර එම කාලයේදී ද මොහුට නගර සභාවේ වැටුප හිමිව තිබෙන බව වාර්තාවේ.
මහනුවර මහ නගර සභාවේ අභ්‍යන්තර පරිපාලනය විධිමත් කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන බවත් ඒ යටතේ සිදුකළ නිරීක්ෂණයේ දී සේවයේ නොමැති අයෙකුට වැටුප් ගෙවීමේ සිද්ධිය අනාවරණය වූ බවත් මේ සම්බන්ධව කළ විමසීමක දී මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක කීය.
අදාළ සිදුවීම වාර්තා වීමත් සමඟ පළාත් පාලන කොමසාරිස්වරිය දැනුවත් කර මූලික විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත් අදාළ මුදල් අයකර ගැනීමට ඇති හැකියාව සොයා බලමින් සිටින බවත් ඔහු පැවසුවේය.