බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

හිරේ ඉන්න ඕන අයගෙන්ගේ දේශනවලින් කරුණු අරන් පාර්ලිමේන්තුවේ කරන්න යන්නේ පහත් විගඩමක්… කතෝලික සභාව පාස්කු විවාදය ගැන මතය කියයි!

ඔබ අපරාධ විමර්ශකයන් නොවේ... තවත් විහිළු රනාකර අපක්ෂපාතී විනිවිද පෙනෙන පරීක්ෂණයක් ජාත්‍යාන්තර ඇගයීමකින් කරන්න!

by editor
සැප්තැම්බර් 20, 2023
in දේශපාලන
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

පාස්කු ප්‍රහාරය සම්බන්ධව ජාත්‍යාන්තර වෘත්තිකයන්ගේ අධීක්ෂණය යටතේ කෙරෙන විධිමත් විනිවිද පෙනෙන පිළිගත හැකි විමර්ශනයක් කිරීම අත් හැර බන්ධනාගාරයේ සිටිය යුතු අපරාධ චූදිතයන් ලවා මන්ත්‍රීවරුන්ට  දේශනා පවත්වා    නැවත වරක් පාර්ලිමේන්තුව තුළ  පාස්කු ප්‍රහාරය සම්බන්ධව  විවාද කිරීම කුමණ ආකරයේ  විගඩමක් දැයි අද (20) කතෝලික සභාව විවෘතව ප්‍රශ්න කළේය.

අද අග රදගුරු නිවසේ දී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා සිරිල් ගාමිණී පියතුමා ප්‍රකාශ කළේ මන්ත්‍රීවරුන්ට පාස්කු ප්‍රහාරය සම්බන්ධව දැනුම්වත් කිරීමට දේශනය සඳහා මුලින්ම කැඳවා තිබුණේ පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීම පැහැර හැරීම සම්බන්ධව සත් පුද්ගල විනිශ්ඡය සභාවකින් වරදකරු කර දඩ ගැසූ, පාස්කු විමර්ශන කොමිසමෙන්  අපරාධ චෝදනා යටතේ දණ්ඩනයට ලක් කිරීම සඳහා නිර්දේශ කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන බවය.

එහෙත් විපක්ෂයෙන් නැගූ විරෝධතාවයෙන් අනතුරුව එම දේශනා වාරය ලබා දුන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න අල්විස්ට බවත්, ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ සාක්ෂි විනාශ කිරීම සම්බන්ධව චෝදනා ලද මේ පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණීමෙන් අනතුරුව  පාස්කු ප්‍රහාරය සම්බන්ධ මුල සිටම විමර්ශනය කළ කණ්ඩායම හතර අතේ විසුරුවා හැර පාස්කු විමර්ශනය භාර දුන් සීඅයිඩී  කණ්ඩායමේ ප්‍රධානියා බවත් කීවේය.

“ හිරේ ඉන්න ඕන පුද්ගලයෙකුගෙන් උපදෙස් අරන් තියෙන්නේ… රටේ උත්තරීතරම ආයතනයෙ ජනතා නියෝජිතයන් තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගන්න අවශ්‍ය නම් මෙවැනි නීච වැඩ ප්‍රතික්ෂේප කළ යුතුයි. ඔබ මේ හදන්නේ මේ විමර්ශනය සත්‍ය වශයෙන්ම සිදු නොකර තව කාලයක් මේ ආකාරයෙන් ඇදගෙන යෑමට අවශ්‍ය පසුබිම හදා ගන්න එකයි…” සිරිල් ගාමිණී පියතුමා කීවේය.

මාධ්‍ය අමතමින් එතුමෝ මෙසේ ද කීහ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“හෙට සහ අනිද්දා දවස් දෙකේ පාර්ලිමේන්තුව තුළ පාස්කු ප්‍රහාරය   නැවත වතාවක් විවාදයක් පවත්වන්න තීරණය කරලා තියනවා. විවාදයට හේතුව චැනල්  4 නාලිකාව හෙළිදරවු කළ කරුණු.

ඒ විවාදයට කලින් ඊයෙ දවසේ දි පාස්කු ප්‍රහාරය පිළිබඳව කරුණ දක්වන්න සම්මන්ත්‍රණයක් පැවැත්වුනා කියලා මාධ්‍යවල වාර්තා වුනා.

නිලන්ත ජයවර්ධනට කළ ආරාධනය

මේ සම්මන්ත්‍රණයට කතා කරන්න ඉස්සරවෙලාම ආරාධනා කරලා තිබුණේ නිලන්ත ජයවර්ධන මහත්මයාට.  පාර්ලිමේන්තුවේ විපක්ෂයේ විරෝධතාවයක් නැගුනා ඒ ආරාධනය ගැන. ඒ නිසා නිලන්ත ජයවර්ධනට කතා කරන්න ඉඩකඩ සැලසුනේ නෑ.

එහෙම උනත් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව කරුණු කියන්න නිලන්ත ජයවර්ධනට ආරාධනා කිරීම ම ප්‍රශ්නයක්. ඔහු මෙම ප්‍රහාරය වළක්වා ගන්න තියෙද්දි තමන්ගේ වගකීම් හා යුතුකම් ඉටු නොකළ වරදට චෝදනා ලබපු කෙනෙක්. පාස්කු කොමිෂන් සභා වාර්තාවේ ඔහුට විරුද්ධව නිර්දේශයක් තියනවා.

ඒ නිර්දේශය තමයි “එස්.ඩී.අයි.ජී නිලන්ත ජයවර්ධන වෙත දණ්ඩ නීති සංග්‍රහයේ සිදුසු වගන්ති යටතේ අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා විසින්  සිදුකළ යුතු බව පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කරයි.” යන්න.

නමුත් මේ දක්වා කොතැනකවත් ඔහුට අපරාධ නඩුවක් පවරා නෑ.

ඊට පස්සේ නිලන්ත ජයවර්ධන ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරපත් කළ මානව හිමිකම් නිඩුවක තීන්දුවේ නිලන්ත ජයවර්ධන ගැන පැහැදිලිව සඳහන් වෙනවා.  ඔහු පිළිබඳ රජයට නියෝගයක් දීලා තියනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ සත් පුද්ගල විනිසුරු සභාවකින්.

ඒ තීන්දුව තමයි “SIS අධ්‍යක්ෂවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් අප විසින් දැනටමත් සිදුකර ඇති නිරීක්ෂණ සැලකිල්ලට ගෙන ඔහුගේ ඉහත සදහන් අතපසු වීම් සහ අසාර්ථකත්වයෙන් සම්බන්ධයෙන් හිටපු SIS අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට එරෙහිව වහාම විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපි රජයට නියෝග කර සිටිමු.” ඒ නියෝගය එහෙමයි.

ඒ වගේම ඔහුට අපරාධය වෙන්නට ඉඩ හැරීම සම්බන්ධයෙන්     වන්දියක් ගෙවන්නත් නියම කළා ශ්‍රේෂ්ඨාධිකරණය විසින්.

ඒ වගේ චූදිතයෙක්ව, ශ්‍රේෂ්ඨාධිකරණයෙ වැරදිකරුවෙක් කළ පුද්ගලයෙක්ව පාස්කු ප්‍රහාරය සම්බන්ධව මන්ත්‍රීවරුන්ව දැනුම්වත් කරන්න ආරාධනා කීරීමම මම හිතනවා මහා විහිලුවක්.

ඒ පිටුපස මේ හැම දේම සත්‍ය වසන් කිරීමේ ලොකු උවමනාවක් රජයට සහ පාර්ලිමේන්තුවේ සිටින පොලිසිය භාර ඇමතිවරයාට තියනවා කියන එක බොහොම පැහැදිලියි.

ඒක හරියට හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්.

නමුත් විපක්ෂයේ විරෝධතාවය නිසා ඔහුට එම අවස්ථාව ලබා දුන්නේ නෑ.

ප්‍රසන්න අල්විස් කැඳවීම

නමුත් ඉන් පස්සේ මේ කරුණු දැක්වීම කරලා තියෙන්නේ ප්‍රසන්න අල්විස් මහත්මයා. කවුද  ප්‍රසන්න අල්විස් මහත්මයා.

ඔහුත්  මේ චෝදනාවට ලක් වුන පුද්ගලයෙක්. ඔහු සී.අයිඩී අධ්‍යක්ෂ වශයෙන් පත් වෙන්නේ පාස්කු විමර්ශනය කරමින් සිටි රවී සෙනවිරත්න සහ තවත් විසි දෙනෙකුට අධික පිරිසක් මේ විමර්ශනවලින්   මාරු කරලා දැම්මට පස්සේ. ගෝඨාභය ජනාධිපතිතුමා   සී.අයි.ඩී. එකේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කරන්නේ මේ ප්‍රසන්න අල්විස් මහත්මයා.

ඔහුට තියනවා තව චෝදානවක්. ඒ තමයි මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධ තිබුණ සාක්ෂි විනාශ කිරීම. ඔහුට එහෙම චෝදනාවක් තිබුණා. ඒ චෝදනාව පිළිබඳව ලසන්ත වික්‍රමතුංග මහත්මයගේ දුව පොලිස් කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දුන්නා ඔහුව සීඅයිඩී ප්‍රධානියා ලෙස පත් කළ අවස්ථාවේ දී.   ඇය පොලිස් කොමිෂන් සභාව  වෙත ලියුමක් ලියනවා මේ පත් කිරීමට විරුද්ධව.

ඒ ලිපිය ලියලා තියෙන්නේ 2021 මාර්තු  මාසෙ 09 වැනිදා. ඒ ලිපියේ බොහොම පැහැදිලිව ලියලා තියනවා. මේ සාක්ෂි විභාගය සිදුකරද්දි ගල්කිස්ස මහේස්ත්‍රාත් උසාවියට කරුණු ඉදිරිපත් කරලා තියනව. ඒ අනුව ඔහු සාක්ෂි විනාශ කිරීම නිසා අත් අඩංගුවට ගත යුතු පුද්ගලයෙක්. නමුත් අත් අඩංගුවට ගන්නේ නැතිව ගෝඨාභය රාජපක්ෂ රජය කරන්නේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා බවට ඔහුව පත් කරනවා.”

ඔහුව සී.අයි.ඩී අධ්‍යක්ෂවරයා ලෙස පත් කළාට පස්සේ  අප දුටුව දේ තමයි පාස්කු ප්‍රහාරයේ  පරීක්ෂණ එතනින් එහාට ඉදිරියට ගියේ නෑ.

මන්ත්‍රීවරුන්වත් හෑල්ලු කළා

ආයතනයක එවැනි පුද්ගලයෙක් ප්‍රධානියා විමම සදාචාර විරෝධී ක්‍රියාවක්. එවැනි පුද්ගලයෙක්  යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ කළා කියන දේ අපට හිතන්න පුලුවන් දෙයක් නෙමෙයි.

මේ වගේ පුද්ගලයෙක්ව  නැවත වතාවක් පාස්කු ප්‍රහාරය ගැන කරුණු දක්වන්න මන්ත්‍රීවරුන් ඉස්සරහට ගේනවා කියලා කියන්නේ ඒක පාර්ලිමේන්තුවම හෑල්ලුවලට ලක් කිරීමක්.

මෙවැනි දේවල් සිදුවනවිට අපට තේරෙනවා මේ පොලිසිය භාර අමාත්‍යවරයාගේ සහ පවතින රජයේ    අවශ්‍යතාවය මොකක්ද කියන  එක. ඒක පාස්කු ප්‍රහාරයේ සත්‍ය සොයා යෑම නොවෙයි, සත්‍ය යටපත් කිරීම තමයි මෙතනදි වෙන්නේ කියන එක අපට ගොඩක් පැහැදිලියි.

ඒ නිසා මේ විවාදයේ දී මේ ඉදිරිපත් වෙන්න යන කරුණු ප්‍රසන්න අල්විස් ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කියපු කරුණුම වෙන්න ඕන.

එවැනි තත්ත්වයක් යටතේ මේ රට නොමග යනවා කියන එකයි අපේ අදහස.

විවාද ගොඩයි… විමර්ශන එතනමයි

දැන් මේ විදිහෙ කරුණු දැක්වීමක්  කරන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශන සම්පූර්ණ කරලා නෙමෙයි. විමර්ශන කළ යුතුම අපැහැදිලි තැන් තියෙද්දි. පාර්ලිමේන්තු විවාද කිරිමෙන්වත් නැවත කමිටු පත් කිරීමෙන්වත්  එකිනෙකාට චෝදනා කිරීමෙන්වත්  පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු වෙන්නේ නෑ. ඒ සඳහා සත්‍ය සොයා ගත යුතුයි.

එහෙම සත්‍ය සොයා ගන්නට නම් සාදාචාරයට විරුද්ධ විහිළු සහගත විනයක් නැති මුග්ධ අරමුණු වෙනුවෙන් අපරාධ කරුවන් ආරක්ෂා කිරිමට කරන ක්‍රියාවන් නතර කරලා කළ යුතු දේ කරන්. ඒ   තමයි මේ සඳහා ස්වාධීන, විනිවිද පෙනෙන විමර්ශනයක් සම්පූර්ණයෙන් ආපහු කරන එක.

ඒ විමර්ශනය කෙරෙන්න ඕන මේ රටේ සීඅයිඩි එක මාර්ගයෙන්. ඒ කණ්ඩායමට අර මාරු කළ සීඅයිඩී නිලධාරීන් නැවත වතාවක් කැඳවන්න ඕන. ඒ කණ්ඩායම කරන විමර්ශන අධීක්ෂණයට ජාත්‍යාන්තර මට්ටමේ අධීක්ෂණ කණ්ඩායමක් අත්‍යාවශ්‍යයයි. දේශපාලන මැදිහත්වීම් ඇඟිලි ගැසීම් කඩාකප්පල්කාරී ක්‍රියා සහිතව මේ දක්වා කරපු විමර්ශන අපට පිළිගන්න පුලුවන් කමක් නෑ,

මේ පරීක්ෂණය සඳහා චැනල් ෆෝ නාලිකාවෙන්, ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන්,  පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවලින්    චෝදනාවට ලක් වුන නිලධාරීන්ගේ මේ විමර්ශන ඉවර වෙනතුරු තාවකාලිකව සේවා අත්හිටුවීම කළ යුතුයි.  එසේ  නැතිව චෝදනාවට ලක්වන  පොලිසියේ සහ බුද්ධි අංශවල නිලධාරීන් උසස් නිලතලවල තියාගෙන  විමර්ශන ස්වාධීනව කරන්න බෑ කියන එක පැහැදිලි කරන්න අවශ්‍ය නෑ.

චැනල් ෆෝ නාලිකාවේ වැඩසටහනින් පාස්කු ප්‍රහාරය ගැන විතරක් නෙමෙයි කිව්වේ. ලසන්ත  වික්‍රමතුංග ඝාතනය ගැනත් කිව්වා. එතකොට මේ විවාදයෙදි කතා කරන්නේ චැනල් ෆෝ නාලිකාවේ වැඩසටහන ගැන.  ඒ ගැන කරුණු කියලා දෙන්න එන්නේ පාස්කු විමර්ශනයේ විමර්ශන අඩාල කළ වගේම ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සාක්ෂි විනාශ කිරීමේ චෝදනා ලද නිලධාරියා.

ලසන්ත වික්‍රමතුංග ගේ ඝාතනය ගැන හෙළිදරව් වීම වැලැක්වීම සඳහා සාක්ෂි විනාශ කළ කෙනක්ව අත්අඩංගුවට ගන්නෙ නැතිව සී.අයි.ඩි.අධ්‍යක්ෂ කිරීම සිදුවන්නේ මොන අදහසකින් ද කියලා අපට තේරෙනවා. ඒ පුද්ගලයා නැවත පාර්ලිමේන්තුවට ගෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාස්කු ප්‍රහාරය ගැන පැහැදිලි කිරීම   අපට පිළිගන්න බෑ. ඒ උත්සාහයන් හෙළා දකිනවා. ප්‍රතික්ෂේප කරනවා.

පාර්ලිමේන්තුව කියන්නේ ජනතා නියෝජිතයන් ඉන්න තැනක්. ඒක තමයි රටේ උත්තරීතරම ආයතනය ලෙස සැලකෙන්නේ.  එ උත්තරීතර බවට කළ මහා කැළලැක් මේක. මන්ත්‍රීවරු තමන්ගේ අභිමානය රැක ගන්න ඕන නම් මේ වගේ නීච උත්සාහයන් හෙළා දැකිය යුතුයි. ප්‍රතික්ෂේප කළ යුතුයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දසුන්ට කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වන ලෙස බලපෑම්… බලපෑම් එන්නේ තේරීම් කමිටුවට හා පුහුණුකරුට උඩින්!

Next Post

මහනුවර මහ නගරසභාවේ සේවය හැර ගිය සුළු සේවකයෙකුට අවුරුදු 04ක් තිස්සේ ලක්ෂ 17ක වැටුප් දීලා…

Related Posts

sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026
දේශපාලන

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

මැයි 9, 2026
TO LAM
දේශපාලන

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

මැයි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.