අද (20) උදෑසන මහනුවර දළදා මාළිගාව ඉදිරිපිට ඇති නුවර වැවේ තිබී කාන්තාවකගේ මළ සිරුරක් හමු වී තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ අම්පිටිය ප්රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණ දෙදරු මවකි. මෙම කාන්තාවගේ සැමියා විදේශ ගත වී ඇතැයි පොලිස් විමර්ශන අංශ පවසයි.
කාන්තාව සිය දිවි නසා ගත්තා ද, මෙය ඝාතනයක් ද යන අංශ දෙක ඔස්සේ විමර්ශන අංශ සිය විමර්ශන මෙහෙයවමින් ඇත.
අද මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීඹට නියමිතය.
මහනුවර පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.








