මහනුවර පොදුජන එක්සත් පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති වසන්ත යාපා බණ්ඩාර කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.
ඔහු සිය පී.සී ආර් පරීක්ෂණය කරගෙන ඇත්තේ පසුගිය 16 දාය. පී.සී.ආර් වාර්තාව නිකුත් වී තිබුණේ ඊයේ සවසය. එදා සිට ඊයේ (24) දක්වා ඔහු ගම්මාන 60කට ආසන්න ප්‍රදේශයක සංචාරය කර ඇති බවත්, නිලධාරීන් ගණනාවක් මුණ ගැසී ඇති බවත් මංගල උත්සව දෙකකට සහභාගී වී ඇති බවත් වාර්තා වේ.
මේ වනවිට මන්ත්‍රීවරයා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති අතර ඔහුගේ පවුලේ සියලු දෙනා ඇතුළු පළමුපෙළ ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කර ඇත.