මනම්පිටිය නිමල් ජයරත්න
දිඹුලාගල පැලටියාව ගම්මානයේ ඊයේ ( 06) රාත්රියේදී සොයුරන් දෙදෙනෙකු අතර ඇතිව තිබෙන ආරවුලකින් බාල සොයුරා වැඩිමල් සොයුරාට පිහියකින් ඇන ඝාතනය කර ඇති බව මනම්පිටිය පොලිසිය කියයි,
මෙම පිහිඇනුමෙන් ඝාතනයට ලක්ව ඇත්තේ දිඹුලාගල පැළෑටියව ගම්මානයෙ අංක 571 ලිපිනයේ පදිංචිව සිටි 28 වියති බී,ජී, අමිල ප්‍රභාත් ප්‍රේමරත්න යන අවිවාහක තරුණයකු බව පරීක්ෂණ සිදුකරන මනම්පිටිය පොලිසිය සඳහන් කරයි,
ඝාතනයට සැකපිට විසිහතර වියැති ඔහුගේ බාල සොයුරු අද (07′) උදෑසන අත්අඩංගුවටගෙන පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර අප කළ විමසීමකදී සඳහන් කළේය,
වැඩිමහල් සොයුරා බීමතින් පැමිණ නිතර, නිතර, මව්පියන්ට බැණවැදී හිරිහැර කරමින් අඩත්තේට්ටම් සිදුකරන අතර එය ඉවසා ගැනීමටට නොහැකිව බාල සොයුරා පිහියෙන් ඇන වැඩිමල් සොයුරා ඝාතනය කරන්නට ඇති බවට මනම්පිටිය පොලිසිය සැක පළ කරයි,
6 වෙනිදා රාත්‍රියේ බාල සොයුරා විසින් පුවක් කපමින් සිටියදි නිවස ඉදිරිපිට මෙම ඝාතනය සිදුකොට ඇති බව පොලිසිය සඳහන් කරයි,
උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රි දමින්ද, උතුරු මැද පළාත් නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන ගේ උපදෙස් මත, පොලොන්නරුව සහකාර පොලිස් අධිකාරී චානක ද සිල්වාගේ මෙහෙයවීමෙන් මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි,







