බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මරාගෙන තියෙන්නේ සහෝදරයො… සිංහල ශ්‍රී ලාංකික දෙමළ ජන කණ්ඩායම්  පුදුමාකාර ලෙස ජානමය වශයෙන් සමානයි!  නවතම අධ්‍යයනයක් හෙළි කරයි!

by editor
පෙබරවාරි 29, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දීර්ඝ කාලීන සිවිල් යුද්ධයක නියැලී සිටි ශ්‍රී ලංකාවේ විශාලතම ජනවාර්ගික කණ්ඩායම් දෙක වන සිංහල සහ ශ්‍රී ලාංකික දෙමළ ජාතීන් වෙනත් දකුණු ආසියාතික ජනගහන කණ්ඩායමකට වඩා ජානමය වශයෙන් එකිනෙකාට සමාන බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

iScience සඟරාවේ සිකුරාදා ප්‍රකාශයට පත් කරන ලද සහ ඉන්දියානු සහ ශ්‍රී ලංකා DNA විද්‍යාඥයින් විසින් ඒකාබද්ධව සිදු කරන ලද මෙම පර්යේෂණය, ශ්‍රී ලංකාවේ ජනවාර්ගික කණ්ඩායම්වල ඓතිහාසික මූලාරම්භය මෙන්ම ඔවුන්ගේ සමාජ අන්තර්ක්‍රියා පිළිබඳව විශාල ආලෝකයක් විහිදුවා ඇත.

පර්යේෂකයන් සඳහන් කළේ සැලකිය යුතු සංස්කෘතික හා භාෂාමය වෙනස්කම් තිබියදීත්, මෙම කණ්ඩායම් දෙක වසර සිය ගණනක් පුරා අතීතයේ එකට බැඳී ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ජානමය බැඳීමක් ඇති වූ බවත්ය.

“බහුතර සිංහලයන් සහ සුළුතර ශ්‍රී ලාංකික දෙමළ ජනතාව ලේ වැකි ගැටුමකට අවතීර්ණවි දියක් තළ සිවිල් යුද්ධය වර්ෂ 2009 දී අවසන් වුවද, ඔවුන් අතර තවමත් අන්‍යෝන්‍ය අවිශ්වාසය සහ සතුරුකම පවතී. කෙසේ වෙතත්, අපගේ සොයාගැනීම් සැබවින්ම කුතුහලය දනවන සුළුයි.” බරණැස් හින්දු විශ්වවිද්‍යාලයේ (BHU) සත්ව විද්‍යා අංශයේ මහාචාර්ය ඥානේෂ්වර් චෞබේ පැවසීය.

බරණැස් හින්දු විශ්වවිද්‍යාලය  හැරුණු විට මෙම පර්යේෂණ කණ්ඩායමට  ලක්නව් හි   Birbal Sahni Institute of Paleosciences,  ,  මංගලෝර්හි Mangalore University,   සහ ශ්‍රී ලංකාවේ  කොළඹ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් ඇතුළත් විය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

පර්යේෂකයන්ට   අනුව  ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජනවාර්ගික කණ්ඩායම සිංහල ජනගහණය  සියයට 74.9 කි. ශ්‍රී ලාංකික දෙමළ සහ මුස්ලිම් (ප්‍රදේශයේ මුවර්ස් ලෙස හැඳින්වේ) පිළිවෙලින් සියයට 11.1 සහ සියයට 9.3 කි. ඉන්දියානු දෙමළ ජාතිකයන් සියයට 4.1ක් සහිත සිව්වන ජනගහණ කණ්ඩායම වන අතර ඉතා කුඩා ප්‍රතිශතයක් බර්ගර්, මැලේ, වැදි (ආදිවාසී) ආදී ජන කොටස් වෙති.

ක්‍රිස්තු පූර්ව  500 දී පමණ එනම් වසර 2,500 කට පමණ පෙර වාර්ගික ප්‍රජාවන් – සිංහල සහ ශ්‍රී ලාංකික දෙමළ යන දෙපිරිසම ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ බව අධ්‍යයනයෙන් සොයාගෙන ඇත.

“සිංහලයන් ඉන්දියාවේ බටහිර ප්‍රදේශයෙන් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වෙද්දී, ශ්‍රී ලාංකික දෙමළ ජනයා දකුණු ඉන්දියාවෙන් සංක්‍රමණය වී තිබෙනවා. ඒ දෙකම සිදුවන්නේ  එකම වකවානුවේ දී ය. වසර සිය ගණනක් තිස්සේ දෙපැත්තෙන් ජාන ගලා යාමක් ඇති බව පෙනෙන්න තියනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ජානමය බැඳීම ඇති වුන බව කිව හැකියි. ,”   කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආර්. රණසිංහ උපුටා දක්වමින් NDTV වාර්තා කරයි.

පර්යේෂකයන් සඳහන් කළේ මෙම විෂය පිළිබඳ මින් පෙර අධ්‍යයනයන්හි ජාන සිතියම්කරණය සම්බන්ධයෙන් ගැඹුරක් නොමැති බවත්, එබැවින් ඔවුන්ගේ සොයාගැනීම් අවිනිශ්චිත බවත්ය.

“පුද්ගලයෙකුගේ ජාන විකෘති මිලියන භාගයක් පිළිබඳව සිදු කරන ලද පළමු අධ්‍යයනය මෙයයි. එහි විශාල හා තීව්‍ර කාර්යයේ විෂය පථය හේතුවෙන්   ප්‍රතිඵලය ශක්තිමත් සහ තීරණාත්මක බව අපි විශ්වාස කරනවා ,” මහාචාර්ය ඥානේෂ්වර් චෞබේ පැවසීය.

සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ ප්‍රවේණි පැතිකඩ ඔහුගේ හෝ ඇයගේ වටපිටාව සමඟ යම් පොදු බවක් ඇති බව නිරීක්ෂණය වී ඇති බව කණ්ඩායම සඳහන් කළේය.

“උදාහරණයක් ලෙස, රටේ උතුරු ප්‍රදේශයට අයත් පුද්ගලයෙකු උතුරු ඉන්දියාවේ අනෙකුත් නගරවල අනෙකුත් පුද්ගලයින් සමඟ විශාල ජානමය සමානකමක් බෙදාහදා ගන්නවා.  නමුත් ශ්‍රී ලංකා අධ්‍යයනයේ දී, අපට දකුණු ඉන්දියාවට වඩා සිංහල සහ මරාට යන පොදු මූලයන් සමග ඉහළ බටහිර ඉන්දීය ජාන සංරචකයක් හමු වුනා.  ,” රණසිංහ පැවසීය.

“තවත් පුදුම සහගත අංගය තමයි , දකුණු ආසියානු සන්දර්භය තුළ අසමාන  වූ වාර්ගික හා භාෂාවේ සීමාවෙන් ඔබ්බට ගිය විට හමුවන  ශ්‍රී ලාංකික දෙමළ සහ සිංහලයන් අතර ශක්තිමත් ජාන ප්‍රවාහයයි,” ඔහු තවදුරටත් පැවසීය. NDTV

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මරා දැමූ සැමියාගේ අවසන් කටයුතු කරගන්නවත් පූටින් ඉඩ දෙයි දැයි සැකයි… රුසියානු විපක්ෂ නායක බිරිය යුරෝපා පාර්ලිමේන්තුව අමතමින් කියයි!

Next Post

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරමින්  ඉතිහාසයේ පළමු වතාවට නඩු ගොඩක් සහිත පුද්ගලයෙක් රටේ පොලිස්පති කරලා…  සජබ කියයි!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.