දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්කිරීමේදී ඔහුට එරෙහිව පවතින අධිකරණමය නඩු පිළිබඳව සලකා බැලිය යුතුව තිබූ බවත් ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇසෙන නඩු සංඛ්‍යාවක් සමග පොලිස්පතිවරයෙක් පත් වී ඇති බවත් සමගි ජන බලවේගය අද (29) චෝදනා කළේය.
සමගි ජනබලවේගය අද මේ චෝදනාව ගෙන එන්නේ පසුගිය 26 වැනිදා මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත්කිරීමෙන් අනතුරුව අද පොලිස්පති ධූරයේ වැඩ භාරගැනීම දකිමිනි.
“ඉතිහාසයේ ප්‍රථම වතාවට අධිකරණ නඩු ගණනාවකට මුහුණ දෙන පුද්ගලයෙක් පොලිස්පතිවරයා ලෙස පත් කර තිබෙනවා. එම පත්කිරීමේදී අඩුම තරමින් මේ වනවිට විභාග වෙමින් පවතින අධිකරණ නඩු සලකා බැලිය යුතුව තිබුණා” යනුවෙන් සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රකාශ කළේය .
“අරගලය සමයේ ජනාධිපති මන්දිරයේ තිබී සොයා ගත් මුදල් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් වත්මන් පොලිස්පතිවරයාට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු ඒ සිද්ධියේ සැකකරුවෙක් ඔහුට එරෙහිව මානව හිමිකම් පෙත්සම් ගොනු කර තිබෙනවා. ” ඔහු වැඩිදුරටත් පැවසීයත
දේශබන්දු තෙන්නකෝන් පත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බවද ඔහු පැවසීය.