සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මරණයේ නිම්නයේ ඇතිවුන පුදුම හිතන වෙනස!

by editor
පෙබරවාරි 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

මරණයේ නිම්නය නැතහොත් Death Valley යනු නැගෙනහිර කැලිෆෝනියාවේ, උතුරු මොජාවේ කාන්තාරයේ( Northern Mojave Desert ) මහා ද්‍රෝණි කාන්තාරයට ( The Great Basin Desert ) මායිම්ව පිහිටි කාන්තාර නිම්නයක්. එය ගිම්හාන කාලයේදී පෘථිවියේ උණුසුමින් වැඩිම ස්ථානය ලෙස සැලකෙනවා.

Death-Valley -badwater-basin
විස ජලය රැස්වන භූමිය…

සොබා දහමට ආදරය කරන්නන් Death Valley හි ජාතික වනෝද්‍යානය වෙත ඇදී එන්නේ ජලය අතිශයින්ම දුර්ලභ, එක්සත් ජනපදයේ වියළිම ස්ථානයේ වෙනස් ස්වරූපය විඳගැනීමට යි. මෙම වනෝද්‍යානයේ නැගෙනහිර මායිමේ විශාල පැතලි ද්‍රෝණියක් පිහිටා තිබෙනවා. ” Badwater ” නම් එම ද්‍රෝණිය මුහුදු මට්ටමේ සිට අඩි 282 ( 86 m ) පමණ පහළින් පිහිටා තිබෙන අතර සාමාන්‍යයෙන් එය වියළි, දූවිලි සහිත මුඩු බිමක්.

බොහෝ විට එය ස්ඵටික වූ ලුණු වලින් ආවරණය වී ඇති අතර, ඉඳහිට ජලයෙන් යට වූ උල්පතකින් කාන්දු වන විෂ සහිත ජලයෙන් වැසී පවතිනවා. නමුත්  වර්ෂාපතනය ලැබෙන කාලයට උද්‍යානයේ ඉතිරි ජලය ද්‍රෝණියට ගලා යෑම මඟින් එහි විලක් නිර්මාණය වනවා. සාමාන්‍යයෙන් විල පවතින්නේ සති කිහිපයක් පමණයි. ඒ Death Valley හි පවතින අධික තාපය හේතුවෙන් ඉතා වේගයෙන් ජලය වාෂ්ප වී යාම නිසා.

බොහෝ වසරවලදී, වර්ෂාපතනය නොමැතිකම නිසා විල සෑදෙන්නේ යන්තම්න්. සාමාන්‍යයෙන් වනෝද්‍යානයට  වාර්ෂිකව අඟල් 2 ( 5.1 cm ) පමණ  වර්ෂාපතනයක් ලැබෙනවා. පසුගිය 2023 වසරේ අගෝස්තු මාසයේ ඇති වූ සුළි කුණාටුවක් හේතුවෙන් Death Valley මත අඟල් 2.2 පමණ වර්ෂාපතනයක් සිදු වී තිබුනා.

Death-Valley -badwater-basin
තවමත් නොසිඳුන විල…

මේ නිසා ද්‍රෝණියේ 11.3 km පමණ දිග, 6.4 km දක්වා විශාල විලක් නිර්මාණය වූ අතර එහි ගැඹුර අඩි 2 ලෙස වාර්තා වී තිබුනා. නාසා හි පෘථිවි නිරීක්ෂණාගාරයට අනුව වසර 20 කට ආසන්න කාලයක් තුළ වාර්තා වූ වැඩිම  විශාලත්වය මෙයයි. ශීත ඍතුවේ දී, විල මෙම ප්‍රමාණයෙන් අඩකට වඩා හැකිලුණු අතර අඟල් කිහිපයකින් එහි ගැඹුරු වැඩි වී තිබුනා.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙසේ පැවති විල සියල්ලන් පුදුමයට පත් කරමින් 2024 පෙබරවාරි, එනම් මේ දක්වාම මාස 06 ක් වැනි කාලයක් පුරා සිඳී යාමට ලක් නොවී පවතිනවා. Death Valley හි ජාතික වනෝද්‍යානයේ නිලධාරීන් ද මේ සම්බන්ධයෙන් පුදුමයට පත්ව ඇති අතර මෙය දුර්ලභ සංසිද්ධියක් බවත් මේ ආකාරයට මෙම විල අප්‍රේල් මාසයේ අග වනවිටත් පැවතෙනු ඇති බවටත් විශ්වාසය පල කරනවා. මේ තියෙන්නේ තවමත් නොසිඳී පවතින ඒ විල…

Tags: නවතම
Share69Tweet43
Previous Post

සමගි ජන බලවේගයෙන් කථා නායකට එරෙහි විශ්වාස භංගයක්… අත්සන් ගැනීම අරඹයි…

Next Post

කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියාව මරා දමන්නේ ඔහුගේ සිඟිති පුතු පළමු වසරට  පාසලට භාරදෙන්න යන්න සූදානම් වෙද්දි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.