මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සත්‍යා නඩේලාගේ පුතු වන සෙයින් නඩේලා මරණයට පත්ව තිබේ.
සෙයින් මරණයට පත්වන විට 26 හැවරිදි වියේ පසු වූ අතර ඔහු උපතින්ම සෙරීබ්‍රල් පල්සි නැමැති රෝගයෙන් පෙළිණි.
මෙම රෝගය වැළඳුනු පුද්ලයින් හට සාමන්‍ය පුද්ගලයෙකු මෙන් ඇවිදීමට හෝ ශරීරයේ සමබරතාවය පවත්වාගනෙ යාමට හැකියාවක් නොපවතී. මෙම රෝගයට අදාල පුද්ගලයාගේ මොලයේ වර්ධනයේ ඇතිවන විවිධ ගැටලු හේතුවෙන් ශරීරයේ මාංශපේෂී පාලනය කිරීමට ඇති හැකියාව අඩපණ වෙයි.
සත්‍යා විසින් සිය පුතුගේ මරණය සම්බන්ධයෙන් ඊමේල් පණිවුඩයක් මගින් දැණුම් දී ඇති අතර මෙම අවස්ථාවේදී සිය පවුලේ සාමාජිකයින් පුද්ගලිකත්වය ආරක්ෂා කරමින් කටයුතු කිරීම වැදගත් බවදට ඉල්ලා තිබේ.
සත්‍යා 2014 වර්ෂයේදී මක්‍රොසොෆ්ට සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් පත්විය. එතැන් පටන් ඔහු සමාගමේ නිෂ්පාදන වල ගුණාත්මක භාවය වර්ධනය කිරීමට පියවර ගෙන තිබිණි.
තමන්ගේ පුද්ගලික අත්දැකීම් පදනම් කරගනිමින් සත්‍යා විසින් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා වඩාත් ගැලපෙන පරිදි සිය නිෂ්පාදන වැඩිදියුණ කිරීමටද පියවර ගනු ලැබීය.







