දිනසේන රතුගමගේ –
යාපනයේ කඩු රැගත් මැර කල්ලියේ තවත් සාමාජිකයෙකුගේ උපන් දිනය සමරමින් සිටියදී ”ආවා කල්ලියේ” ප්‍රබලයෙකු හා හිටපු සාමාජිකයින් දෙදෙනෙකු ඇතුලුව හය දෙනෙකු මනිපායී පොලීසිය විසින් 27 දා අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් පිරිස උපන් දින සාදය සදහා මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා රැගෙන විත් තිබූ අතර පොලීසිය පැවසුවේ අත් අඩංගුවට ගත් පිරිස අතර දැනට ”ආවා කල්ලියේ” ප්‍රබලයෙකු බව කියන විනෝදන් ඇලියස් නැමැත්තාද එම කල්ලියේ හිටපු සාමාජිකයින් දෙදෙනෙකුද සිටින බවයි.
යාපනයේ මනිපායී පොන්නාලේ පාරේ දුර්ගා මිල් ප්‍රදේශයේ නිවසක මෙම උපන්දින සාදය පවත්වා අති අතර මනිපායී පොලීසියට ලැබුණු තොරතුරක් මත පොලීසිය එහි ගොස් මේ පිරිස අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් පිරිස මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.