වත්මන් ආණ්ඩුවේ මෙන්ම හිටපු මැති ඇමතිවරු 8 දෙනෙකුට ඉදිරි දිනවල දී පාස්කු ප්‍රහාරය සම්බන්දව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අගෝස්තු 28 වෙනිදා වැනිදා පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබලන ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස දැනුම් දී තිබෙන අතර හිටපු ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාට දැනුම් දී ඇත්තේ ලබන 31 වැනි දින පැමිණෙන ලෙසයි.
හිටපු ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ යන මහත්වරු සැප්තැම්බර් 2 වැනිදාත් හිටපු ඇමති ඇමැති මංගල සමරවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් යන මහත්වරු සැප්තැම්බර් 3 වැනිදා පොලිස් ඒකකය වෙත කැඳවා ඇත.
ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සැප්තැම්බර් 7වැනිදා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සැප්තැම්බර් 8 වැනිදා පොලිස් ඒකකය වෙත කැඳවා තිබේ.
මේ අතර හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය 21 වැනි දින ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ පොලිස් ඒකකය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස දැනුම් දී තිබුණද එදින පැමිණීමට නොහැකි බව වික්‍රමසිංහ මහතා කොමිසම වෙත දැනුම් දී තිබිණි.









