මන්නාරමේ මෙගා වොට් 250 ක සුළං විදුලි ව්‍යාපෘතියක් සහ පුනරීන් ප්‍රදේශයේ මෙගා වොට් 100 ක සුළං විදුලි ව්‍යාපෘතියක් දියත් සඳහා ආයෝජන මණ්ඩලය ඉන්දියාවේ අදානි සමාගම සමඟ අද සවස ගිවිසුමක් අත්සන් කරන බව ඩේලි මිරර් වාර්තා කරයි.
මෙම ව්‍යාපෘතියේ මුළු ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 442ක් වන අතර එම ව්‍යාපෘති වසර දෙකකින් නිම කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.
අදානි සමූහ ව්‍යාපාරයේ ප්‍රධානියා වන්නේ ඉන්දියානු ප්‍රකෝටිපතියෙකු වන ගෞතම් අදානිය. ඔහු ඉන්දියාව පදනම් කරගත් අදානි සමූහ ව්‍යාපාරය හරහා ‘ආයතන විශාලතම ව්‍යසනයකට’ ඇද දැමීම සම්බන්ධයෙන් මෑතකදී චෝදනාවට ලක් විය.
මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල සුළං විදුලි ව්‍යාපෘති දෙකක් වෙනුවෙන් ඩොලර් මිලියන 500කට වැඩි ආයෝජනයක් සඳහා අදානි ග්‍රීන් එනජි සමාගමට රජය තාවකාලික අනුමැතිය ලබාදී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මීට පෙර ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් ඊට අවශ්‍ය ශක්‍යතා අධ්‍යයන සහ අනුමැතිය ලබාගෙන නොමැති බැවින් එය නීති විරෝධී බව පවසමින් ලංවිම මෙම ව්‍යාපෘතියට විරෝධතාවය පල කර ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ආරම්භ වූ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මුල්‍ය ආධාර ලබාගැනීමට එවක මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දියාව දෙස බලා සිටියදී අදානි සමූහ ව්‍යාපාරය සමඟ කෙරෙන පුනරීන් සුළං විදුලි ව්‍යාපෘතිය පිළිබඳ රට තුළ බරපතළ සාකච්ඡාවක් ඇති විය.
කෙසේ වෙත්ත අද සවස එම ගිවිසුමට අයෝජනය මණ්ඩලය සහ අදානි සමූහ ව්‍යාපාරය අත්සන් තබනු ඇත.