දිනසේන රතුගමගේ
මන්නාරම් දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගීන් අතරින් දෙවන මරණයද 22 දා වාර්තා වූ බව මන්නාරම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ආර්.විනෝදන් මහතා පැවසීය.
මෙසේ මියගොස් ඇත්තේ මන්නාරම මුසලි ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙකි.
පසුගිය සතියේදී කොරෝනා රෝගය වැළදීම නිසා ඔහුව මන්නාරම රෝහලට ඇතුලත් කොට තිබූ අතර එහි කොරෝනා මර්දන ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගොස් තිබේ.
මේ වන විට මන්නාරමේ කොරෝනා රෝගය වැළදුණු 173 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර ඉන් 23 දෙනෙකු කොරෝනා මර්දන ඒකක වල පිහිටුවා ඇති දැඩි සත්කාර ඒකක වල ප්‍රතිකාර සදහා යොමු කොට තිබේ.









