දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ පම්බන් වරායේ සිට මන්නාරමට නීති විරෝධී ලෙස බෝට්ටුවකින් ප්‍රවාහනය කිරීමට සූදානම් කොට තිබූ රුපියල් කෝටි අටක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය, කේරළ ගංජා, වියළි මුහුදු කුඩැල්ලන්, එනසාල්, හා කහ තොගයක් රාමනාදන්පුරම් නාවික හමුදාව විසින් ඊයේ ( 30 ) අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් ද්‍රව්‍ය අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1ක් කේරළ ගංජා කිලෝ 8 ක් වියළි මුහුදු කූඩැල්ලන් කිලෝ 35 ක් එනසාල් කිලෝ 45 ක් හා වියලි කහ කිලෝ 125 ක් වෙයි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ඉන්දීය ජාතිකයෙකු වන අතර අනෙක් තැනැත්තා මන්නාරමේ පදිංචි ද්‍රවිඩ ව්‍යාපාරිකයෙක් බව හඳුනාගෙන තිබේ.
පම්බන් වරායේ සිට හොර රහසේ මෙම ද්‍රව්‍ය බෝට්ටුවකට පැටවීම සදහා කුණුකල් ප්‍රදේශයට රැගෙන යමින් සිටියදී රාමනාදන්පුරම් නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් දෙදෙනා හා නීති විරෝධී ලෙස ප්‍රවාහනය කළ ද්‍රව්‍ය වැඩිදුර පරීක්ෂණ සදහා නාවික හමුදාව විසින් රාමනාදන්පුරම් මණ්ඩපම් පොලීසිය වෙත බාර දී තිබේ.