දිනසේන රතුගමගේ –
කොළඹ වරායට ආසන්නයේදී ගිනි ගන්නා ලද එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට එකතු වූ බවට සැකකෙරෙන ප්ලාස්ටික් කොටස්වල සාම්පල කීපයක් මන්නාරම දිසාපතිනිය විසින් එකතු කොට වැඩිදුර පරීක්ෂණ සදහා අදාල බලධාරීන් වෙත ඊයේ (10) යවා තිබේ.
මෙතෙක් මන්නාරම වෙරළ කලාපයෙන් හමු නොවූ ප්ලාස්ටික් බෝල හා ප්ලාස්ටික් කොටස් විශාල ප්‍රමාණයක් මන්නාරම පේසාලේ හා තලෙයිමන්නාරම මුහුදු වෙරළට ගොඩ ගසා ඇත.
ධීවරයින් විසින් මෙම ප්ලාස්ටික් පිළිබඳව ධීවර නිලධාරීන්ව දැනුවත් කිරීමෙන් පසුව මන්නාරම දිසාපතිනී නන්දනී ස්ටැන්ලි ද මෙල් නාවික හමුදාවේ හා ධීවර අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සමග මන්නාරම මුහුදු වෙරළට ගොස් ගොඩ ගසා තිබුණු ප්ලාස්ටික් සාම්පල වැඩිදුර පරීක්ෂණ යොමු කර තිබේ.