සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුතුට වෙඩි වැදුණු ආරංචියෙන්ම මෙලොව හැර ගිය අම්මා…

by editor
ජූනි 11, 2021
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

රත්ගම පන්විල නවජනපදයේ පදිංචි ගොඩහේන කන්කානම්ගේ රත්නාවති සිව්දරුමවකි. ඇය 72 හැවිරිදිවියේ පසුවුවාය. ඇයගේ සැමියා මිට වසර 10කට පෙර මියගොස් තිබුණි. මෙකි මව තම බාල පුතුගේ නිවසේ පදිංචිව සිටියාය.

පුතු එතරම් හොඳ අයෙකු නොවේ. හේ සමාජ විරෝධී කටයුතුවල නිරතව සිටි අකිකරු පුතෙකි. එහෙත් මව තම පුතුට දැඩිව ආදරය කළාය. පුතුද මවට දැක්වුයේ දැඩි ආදරයකි. සෙනෙහසකි. මව මිට වසර දෙකකට පමණ ඉහතදි වු ඇද වැටිම නිසා පාදයක් බිදිගොස් තිබු මව එක්තැන්ව සිටියාය. ඇයගේ දෑස් පෙනිම ද දුර්වලව පැවතුණි. ඕ මිට සති තුනක පමණ සිට ආහාර ගනු ලැබුවේ ඉතා අඩුවෙනි. එහෙත් පුතු මවගේ සියලු කටයුතු සොයා බැලීය. එක්තැන්ව සිටි මව කවා පොවා පිරිසිදුකොට රැක බලාගත්තේ පුතාය. දරුවකුගෙන් මවකට ඉටුවිය යුතු සියලු යුතුකම් හා වගකිම් හේ නොපිරිහෙලා ඉටු කළේය.

පුතා මවට කෙතරම් ආදරය සෙනෙහස දැක්වුවද හේ සමාජයට කලු චරිතයකි. මොහු කුපියා නැමති අනවර්ත නාමයෙන් හැඳින්වුනේය. දරුවන් තිදෙනෙකුගේ පියෙකු වු මොහු ප්‍රදේශයේ චන්ඩියෙකි. මොහුට විරුද්ධව කිසිවෙක් කටක් හෙල්ලුවේ නැත. සමාජවිරෝධි කටයුතුවල නිරතව සිටි ඔහුට ගෝලබාලයින් පිරිසක්ද විය. මොහු තම ගෝලබාලයින් සමග එක්වි බුරුවා ගැසිමේ කටයුතුවල නිරතව සිටියේය. කුපියා සමග තවත් පිරිසක් බද්ධ වෛරයෙන් පසුවුහ. එම කල්ලිය සිටියේ කුපියාට වැඩක් දෙන්නට අවස්ථාවක් එනතෙක් ඇගිලි ගනිමිනි.

දිනය ඉකුත් 05 වැනිදාය. වෙලාව රාත්‍රි 8.15ට පමණ වන්නට ඇත. සංචරණ සීමා පනවා තිබුණු බව සැබෑය. එහෙත් කුපියා තම නිවසින් පිටතට පැමිණ සිටියේය. ඒ වනවිට මෙම ප්‍රදේශයට ධාරාණිපාත වර්ෂාවක් පැවතිනි. වර්ෂාව පායන තෙක් සිටි කුපියා මිතුරෙකුගේ යතුරුපැදියේ නැගී තම නිවෙස වෙත ගමන් කරමින් සිටියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අතර ඔහු එනතෙක් ඔහුගේ විරුද්ධවාදින් දෙදෙනෙකු මාර්ගය අසල සැගවි සිටියහ. ප්‍රදේශය පුරා පැවතියේ ඝණ අන්ධකාරයෙකි. මගරැක සිටි පුද්ගලයින් දෙදෙනා ගිනි අවියකින් කුපියාට වෙඩි තැබිය. එහෙත් ඔවුන්ගේ ඉලක්කය වැරදුණි. කුපියාගේ වම උරහිසට වෙඩි වැදි තිබු අතර ඔහු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතළත් කරනු ලැබිය.

කුප්පියාට වෙඩි වැදි ඇති ආරංචිය පවුලේ අයටද ඒ වනවිට ආරංචි වි තිබුණි. ආරංචිය මවගේ කණට වැටිමට වැඩිවෙලාවක් ගියේ නැත. සිද්ධිය කණ වැටුණු විගස මව කලබලයට පත්වුවාය. තම පුතුට දැඩිලෙස ආදරය කළ මවට පුතුට වු වෙඩිතැබිම දරාගත නොහැකි විය. වෙඩිවැදීම සැලවීමත් සමග දැඩි කම්පනයට පත්ව සිටි මව ඉන් සුළු වෙලාවකින් මියගියාය.

මවගේ හදිසි මරණ පරික්ෂණය රත්ගම හදිසි මරණ පරික්ෂක වයි.එම් සාගරිකා නිල්මිණි විසින් සිදුකරනු ලැබිය. එහිදි මියගිය තැනැත්තියගේ දියණියක්වන සමරක්කොඩි ශ්‍රියාණි මංගලිකා පොඩිමැණිකේ (42). නැමැත්තිය සාක්ෂි දෙමින් මෙසේ කිවාය.

“ මිය ගොස් ඇත්තේ මගේ මව. තාත්තා මිට වසර 10ක පෙර මියගියා. අපේ පවුලේ සහෝදර සහෝදරියන් 04 දෙනෙකු ඉන්නවා. අක්කයි අයියයි මල්ලි හා මම. අපි හතරදෙනාම විවාහකයි. අම්මා මහගෙදර මල්ලි සමග ඉන්නවා. අම්මාට සායනවලට සම්බන්ධ වි ප්‍රථිකාර ගැනිමට තරම් ලෙඩක් තිබුණේ නැහැ. මිට වසර දෙකකට පෙර අම්මා වැටිලා කකුල කැඩිලා එකතැන්වෙලා හිටියා. අම්මා දැනට සති තුනක පමණ සිට කෑම ගත්තේ අඩුවෙන්. දියර වර්ග පමණයි පාවිච්චි කළේ. රාත්‍රි 8.00ට විතර මල්ලිට වෙඩි තියලා කියලා ආරංචියක් ආවා. ඒ ආරංචියත් සමග අම්මා ටිකක් කලබල වුනා. මම හා නෑනා මල්ලි බලන්න ගාල්ල කරාපිටිය රෝහලට ගියා. රෝහලේ සිටියදි මව නැතිවු බව මගේ දුව දුරකථන ඇමතුමක් ලබාදෙමින් දැනුම දුන්නා. “ ඇය කිවාය.

මියගිය තැනැත්තියගේ පශ්චාත් මරණ පරික්ෂණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර විසින් කළ අතර ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් හදිසි මරණ පරික්ෂකවරිය හදිසියේ ඇතිවු හෘදයාබාධයකින් ඇය මියගොස් ඇති බවට තින්දු කළාය.

වෙඩි වැදිමෙන් තුවාල ලැබු කුපියාගේ වම් උරහිසේ තිබු පතොරම් කැබලි 06ක් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි කළ සැත්කමකදී ඉවත් කරනු ලැබිය. වෙඩි වැදී තුවාල ලැබු පුද්ගලයා 36 හැවිරිදි වියේ පසුවන තිදරුපියෙකි. මනුෂ්‍ය ඝාතන 03ක් සම්බන්දයෙන් මොහුට එරෙහිව මහාධිකරණයේ නඩු පවතින බව රත්ගම පොලිසිය පවසයි. මෙම වෙඩි වැදිමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු සැකපිට රත්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් දෙදෙනා බුස්ස පිටිවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. ඔවුහු 55 හා 25 හැවිරිදිවියේ පසුවන අය වෙති. දෙපිරිස අතර කාලයක සිට පවතින පරණ කොන්තරයක් හේතුවෙන් මෙම වැඩි තැබිම සිදුකොට ඇති බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාට එරෙහිව ද 2019 වර්ෂයේ දි වු මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩුවක් විභාගවෙමින් පවතින බව ද රත්ගම පොලිසිය පවසයි. එමෙන්ම වෙඩි වැදීම සම්බන්දයෙන් ගිසි අවි ලැබි ඇති ආකරය හා ඔත්තු ලබා දුන් පුද්ගලයින් පිළිබඳ දුරකථන විශ්ලේෂණ වාර්තා ලබාගෙන විමර්ශන සිදුකරන බව පොලිසිය පවසයි.

රත්ගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රභාත් විතාන ගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක පි.එල්.ඩි ගයාන් පුෂ්පකුමාර පො සැ 13413 ප්‍රියන්ත, පො සැ 3011 රංග, පො කො 66651 දළුගොඩ, පො කො36132 තිලිණ, පො කො 90377 විතාරණ යන නිලධාරින් විසින් පරික්ෂණ පවත්වති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මන්නාරමට ගොඩ ගැසූ එක්ස්ප්‍රස් පර්ල් නැවේ ප්ලාස්ටීක් සාම්පල් පරීක්ෂණ සඳහා බලධාරීන්ට…

Next Post

අනුරාධපුර සතොස බාර් එකේ සීල් කඩා අරක්කු උස්සද්දී  සී.සී.ටී.වී.ත් වෙරි වෙලා

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.