දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ රාමේස්වරන් සිට බෝට්ටුවකින් හොරෙන් මුලතිව් ප්‍රදේශයට පැමිණ සැඟ වී සිටි පුද්ග්ලයෙකු මුලතිව් මුල්ලියාවලෙයි පොලීසිය විසින් 10 දා අත් අඩංගුවට ගෙන තිබේ.
බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අදාල සැකකරුගෙන් පොලීසිය ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔහු ඉන්දීය සරණාගත කඳවුරක ජීවත් වෙමින් සිටි ලංකිකයෙක් බවත්, එහි පහසුකම් අඩු නිසා ධීවර බෝට්ටුවක ආධාරයෙන් මුලතිව් ප්‍රදේශයට පැමිණි බවත් පිළිගෙන තිබේ.
වයස අවුරුදු 42 ක මෙම පුද්ගලයා මුල්ලියාවලෙයි පොලීසිය විසින් මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුව නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කරන ලෙසත් පී.සී.ආර්.වාර්තාවක් ලබාගෙන ඒ පිළිබඳව වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරණ ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
පසුව පොලිස් ආරක්ෂාව මැද එම පුද්ගලයා සෞඛ්‍ය නිලධාරීන් වෙත බාර දී තිබේ.







