බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ ඓතිහාසික පනතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ ඒකමතික අනුමැතිය!

by editor
පෙබරවාරි 12, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

දශක පහකට ආසන්න කාලයක් ක්‍රියාත්මක වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතට, රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ඒකමතික අනුමැතිය හිමිව තිබේ.

කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික   ප්‍රකාශ කළේ, වත්මන් රජය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් පොරොන්දු වූ පරිදි දේශපාලනය වරප්‍රසාද ලබන වෘත්තියක සිට ජනතා සේවයක් දක්වා පරිවර්තනය කිරීමේ වැදගත් පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක වන බවයි.

මෙම පනත් කෙටුම්පත නීතියක් බවට පත්වීමේ ක්‍රියාවලිය සන්ධිස්ථාන කිහිපයක් පසුකර තිබේ. 2026 වසරේ මුල් භාගයේදී මෙම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කරනු ලැබීය. ඉන් අනතුරුව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර “පළමු කියවීම” අවසන් කරන ලදී.

ඉන් අනතුරුව පනත ආංශික අධීක්ෂණ කාරක සභාවේ සමාලෝචනයට යොමු වූයේය. දැන් පවතින්නේ එම අදියරේය.  පනතේ අන්තර්ගතය සහ වගන්ති පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කළ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඊට සිය ඒකමතික අනුමැතිය ලබා දී තිබේ.

පනත් කෙටුම්පත දෙවන කියවීම සඳහා ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, එහිදී පැවැත්වෙන විවාදයෙන් හා ඡන්ද විමසීමෙන් පසු කථානායකවරයාගේ සහතිකය සහිතව එය නීතියක් බවට පත් වනු ඇත.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙම නව සංශෝධනය මගින් මෙතෙක් ක්‍රියාත්මක වූ 1977 අංක 1 දරණ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත සම්පූර්ණයෙන්ම බලරහිත වේ. වසර පහක සේවා කාලයකින් පසු මන්ත්‍රීවරුන්ට හිමි වූ ජීවිතාන්තය දක්වා වූ විශ්‍රාම වැටුප් වරප්‍රසාදය මේ හරහා අහෝසි වන අතර, එය මෙරට දේශපාලන සංස්කෘතියේ සිදු වන දැවැන්තම වෙනසක් ලෙස සැලකේ.

“අපි මැතිවරණයට පෙර ලබාදුන් ප්‍රධාන පොරොන්දුවක් තමයි මේ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම. මේ හරහා අපි මොන වගේ දේශපාලන සංස්කෘතියක් ද රටේ ඇති කරන්නේ කියන එකට පැහැදිලි තහවුරුවක් ලැබෙනවා.” රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති නජිත් ඉන්දික ප්‍රකාශ කළේය.

මෙම පනත සම්මත වීමත් සමඟ පාර්ලිමේන්තුව යනු වරප්‍රසාද ලබන මධ්‍යස්ථානයක් වෙනුවට සැබෑ මහජන සේවයක් සිදු කරන ආයතනයක් බවට පත්වනු ඇතැයි රජය විශ්වාසය පළ කරයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඇවන්ගාර්ඩ්ලා ගේ ජොබ් එක අතට ගත් නාවික හමුදාව සමුද්‍රාරක්ෂක මෙහෙයුම්වලින් මාස 04ක දී ඩොලර් ලක්ෂ 06ක විදේශ විනිමය හොයයි!

Next Post

මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට මිනිස්  බුද්ධිය හැකිලෙයි!  තාක්ෂණය අපව ගෙනයන්නේ කොතැනට ද?… අමෙරිකානු පර්යේෂණයකින් හෙළි කරන බිහිසුනු කතාවක්…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.