රට ගිනි තැබූ මැයි 09 අපරාධයට චූදිතකොට අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ඇතුලු 4 දෙනෙකු ලබන 15 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අධිකරණය අද නියෝග කලේය.
මේ අතර අත්අඩංගුවේ පසුවූ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක ඇතුලු 13 දෙනෙකු ඇප මත නිදහස් කිරීමට ද අධිකරණය කටයුතු කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක සහ සනත් නිශාන්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය මස 17 වැනිදා අත්අඩංගුවට ගත්තේය.







