මතුගම ශාන් දැන් ලංකාවේ නැත. ඔහු ඉන්නේ ඩුබායිවලය. ඩුබායිවල සිටින මතුගම ශාන්ට රතු වරෙන්තුවක් ද නිකුත් වී තිබෙන බව පොලිසිය කියන්නේය. නාකොටික් එක කිව්වේ මතුගම ශාන් ලංකාවේ ඉන්නා මහා විසාල කුඩු ජාවාරම්කරුවෙක් කියාය. මිනීමැරුම් චෝදනාත් ඔහුට තිබෙන බව පොලිසිය කියන්නේය.
ඒ කිව්වාට අපි ඒවා පිළිගන්නේ නැත. මොකද වැදගත් මිනිස්සු කුඩු ජාවාරම්කරුවන් හෝ පාතාලයන් ආශ්‍රය නොකරන බව අප විශ්වාස කරන නිසාය.
වරෙක බර්ටෝල් බ්‍රෙෂ්ට් මෙසේ කීවේය. ඔබ ඇසුරු කරන ඔබේ මිත්‍රයන් කවුද කියන්න. එතකොට ඔබ කවුද කියලා කියන්නම්.
ඉතින් මතුමග ශාන් මිතුරු ඇසුරෙහි සිටිනා ඡායාරූප ටික්ක පොලිස් මිතුරන් කණ්ඩායමක් අප වෙත යොමු කළේය. මතුගම ශාන්ගේ මිතුරන් වැදගත් මහත්වරුන් නිසා ඔහු කුඩුකාරයෙක් හෝ පාතාලයෙක් ලෙස අප පිළිගන්නේ නැත.
මේ ෆොටෝ ටික පල කරන්නේ අපගේ ඒ සහතික කිරීම ඔබට ඉදිරිපත් කරන්නටය.