ලලිත් චාමින්ද –
මෙරට කිරි ගව ගොවිපොළ 14294ක් ඉකුත් වර්ෂයේ (2023) ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වු කාලය තුළදි වැසී ගොස් ඇති බැව් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දේපාර්තමේන්තුවේ පංශු සම්පත් සැලසුම් අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.
මෙම කාලය තුළ ඌව පළාතේ ගව ගොවිපොළ 6961ක් වයඹ පළාතේ 964ක්, නැගෙනහිරපළාතේ 894ක්, උතුරුමැද පළාතේ 723ක්, දකුණු පළාතේ 665ක්, මධ්‍යම පළාතේ 2289ක්, සබරගමුව පළාතේ, 847ක් වැසි ගොස් ඇති බවද පංශු සම්පත් සැලසුම්කාර්යාලය පවසයි.
එමෙන්ම යාපනය දිස්ත්‍රික්කයේ ගව ගොවිපොළවල් 376ක් සහ මුලතිව් දිස්ත්‍රික්කයේ ගොවිපොළ 31ක් මෙම කාලය තුළදි වැසිගොස් තිබුණි.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දේපාර්තමේන්තුවේ පංශු සම්පත් සැලසුම් කාර්යලය පෙන්වා දෙන්නේ මෙම කාලය තුළදි අලුතෙන් ගව ගොවිපොළ 17843ක් ආරම්භකොට ඇති බවය. එහෙත් නියමිත සංඛ්‍යාලේඛනවලට අනුව සැබැලෙසම අලුතෙන් ආරම්භකොට ඇත්තේ ගව ගොවිපොළවල් 3549කි.
වැඩිම ගව ගොවිපොළවල් සංඛ්‍යාවක් වැසිගොස් ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ වන අතර එම සංඛ්‍යාව 5653කි. එහෙත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දේපාර්තමේන්තුවේ ඌව පළාත් අධ්‍යක්ෂක කාර්යාලය පවසන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ ගව ගොවිපළවල් 8775ක් සක්‍රිය මට්ටමේ පවතින බවය.
ගව සොරකම, තණබිම් වල ගැටලු, නිලධාරින්ගේ නිසි අධික්ෂණයක් නොමැතිවිම, මුල්‍ය ගැටලු, කිරි ගවයින් පාලනය දිරි ගැන්විම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක නොකිරිම, පංශු වෛද්‍ය නිලධාරින් බෙදිගොස් ඇති ආකාරයේ විෂමතාවයන් තරුණ පිරිස් කිරිගව කර්මාන්තය සඳහා යොමුනොවිම, දියර කිරි සදහා සාධාරණ මිලක් නොමැතිවිම ආදි හේතු නිසා කිරි ගව කර්මාන්තයෙන් දිනපතා විශාල පිරිසක් ඉවත්වෙමින් පවතින බව කිරිගොවිහු පෙන්වා දෙති.







