දිනසේන රතුගමගේ –
යාපනයේ තෙන්මරච්චි මට්ටුවිල් ප්‍රදේශයේ පදිංචි හැට හැවිරිදි පුද්ගලයෙකු සිය කොණ්ඩයේ ආධාරයෙන් කිලෝ ග්‍රෑම් 1550 ක් බර වාහනයක් විනාඩි විනාඩි 17 ක කාලයකින් කිලෝ මීටර් 1.2 ක දුරක් ඇදගෙන ගොස් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.
තෛපොන්ගල් දිනය දා (15) මෙම ලෝක වාර්තාව තබා ඇත්තේ සෙල්ලයියා තිරුචෙල්වම් නැමති අයෙකි. මොහු කාලාන්තරයක්ම යාපනයේ කෝවිල්වල උත්සව පැවැත්වෙන විට මහජන ප්‍රදර්ශනයක් වශයෙන් සිය රැවුලෙන් වාහන ඇද ඇත.
ඔහු මෙවර වාර්තාවක් තැබීම සඳහා යාපනයේ මට්ටුවිල් ප්‍රදේශයේ දී නියෝජිතයින් විශාල පිරිසක් ඉදිරියේ සිය කොණ්ඩයෙන් වාහනය ඇද මෙම ලෝක වාර්තාව පිහිටුවා තිබේ.
මෙම අවස්ථාව සඳහා යාපනයේ ආයතන රැසක් හා රාජ්‍ය නිලධාරීන් කීපදෙනෙකුත්, පළාත් ක්‍රීඩා සමාජත් ඔහුට සහය දී ඇත. ලෝක වාර්ත්ව පිහිටුවීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් වූ සහතීකය ඔහු පිරිනමා ඇත.
මෙම අවස්ථාව නැරඹීමට පැමිණි පිරිස ඔහු වෙත විශාල මුදල් ප්‍රමාණයක් තෑගි කොට ඇත. යාපනයේ සංවිධාන ගණනාවකින්ද මුදල් හා ත්‍යාග ඔහු වෙත පිරිනමා තිබේ.