දිනසේන රතුගමගේ –
තෛපොංගල් දිනය නිමිත්තෙන් වාර්ෂිකව යාපනයේ වැල්වෙට්ටිතුරේ මුහුදු වෙරලේදී සංවිධානය කරනු ලබන සරුංගල් තරගාවලිය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් ඊයේ (15) පැවත්වුණි.
මෙම තරගය සඳහා විවිධ මෝස්තරවල සරුංගල් 234 ක් ඉදිරිපත් වී තිබූ අතර ඒවායින් වැඩි සංඛ්‍යාවක් යන්ත්‍රානුසාරයෙන් පියාසර කරවන ලද යෝධ සරුංගල් විය.
එම සරුංගල් වල ආකෘතීන් උතුරේ වැසියන්ගේ එදිනෙදා ජන ජීවිතය පිළිඹිබු කෙරෙන ආකෘතීන් වූ අතර මෙවර වැට් බදු, එලවලු මිල ආදී සමාජ සිද්ධීන් නිරූපනය කෙරෙන ආකෘතීන්ද දක්නට ලබුණි.
සරුංගල් තරගය නැරඹීම සදහා දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගී වී සිටියහ.
යාපනයේ වැල්වෙට්ටිතුරේ උදය සුර්යා ක්‍රීඩා සමාජය, වැල්වෙට්ටිතුරෙයි එක්සත් ධීවර සංගමය, හා වැල්වෙට්ටිතුරේ වල්වායි ජනතා මධ්‍යස්ථානය විසින් මෙම සරුංගල් තරගාවලිය සංවිධානය කොට තිබූ අතර ජයග්‍රහණය කළ සරුංගල් ඉදිරිපත් කරන්නන් සඳහා වටිනා ත්‍යාග පිරිනමනු ලැබීය.