මතුගම පොලිස් ස්ථානයෙන් පිස්තෝලයක් සහ ජීව උණ්ඩ 10 ක් අඩංගු මැගසිනයක් අතුරුදහන් වීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අතුරුදහන් වී ඇත්තේ මතුගම පොලිස් ස්ථානයේ උපසේවා බාරයේ තිබූ අංක බී.6418 පිස්තෝලය සහ ජීව උණ්ඩ සහිත මැගසිනයකි.
පසුගිය ජනවාරි 26 වනදින සිට අදාළ අවිය සහ උණ්ඩ අස්ථාන ගත වී ඇති බවට ලේඛන පරීක්ෂාවේදී අනාවරණය වී තිබුණි.
සිද්ධිය සම්බන්ධව විමර්ශන ක්‍රියාත්මකය.







