සංචරණ සීමා පවතින දිනවල දී දිනකට රජයට අහිමිවන ආදායම රුපියල් කෝටි 60 ක් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
මත්පැන් නිවෙස් වෙත බෙදාහැරීම සඳහා අවසර ඉල්ලා සුපිරි වෙළඳසැල්, ඔන්ලයින් භාණ්ඩ බෙදාහැරීමේ ආයතන මගින් ඉල්ලීම් රැසක් ලැබී ඇත එම දෙපාර්තමේන්තුව කීය.
මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය නීතිමය පසුබිම සහ එය සිදු කළ යුතු සහ අධීක්ෂණය කළ යුතු ආකාරය පිළිබඳව මේ වන විට සහ බලමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ඒ අනුව ඉදිරියේ දී එවැනි වැඩපිළිවෙළක් ආරම්භ කිරීම පිළිබඳව තවමත් සාකච්ඡා කෙරෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පැවසීය.