සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුට ඇප ගන්න පොලිස් ලොක්කෙකුගේ අණින් අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල බර අඩුවෙන් සටහන් කර උසාවි දාලා…

by editor
පෙබරවාරි 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • ඇප පිට එළියට ආපු ජාවාරම් කරු අත් අඩංගුවට ගත් නිලධාරීන්ට එරෙහිව මානව හිමිකම් ගිහින්… පොලිසිය ඇතුළෙන්ම පොලිස් ලොක්කන්ගේ වැඩවලට විරෝධයක්!

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් සහ මිලි ග්‍රෑම් 520ක් සන්තකයේ තබාගෙන සිටිය දි  බියගම පොලිිසිය විසින්  අත් අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් ඇප පිට නිදහස් කිරීම සඳහා ඉහළම පොලිස් නිලධාරියෙකුගේ බලපෑම මත පොලිස් පොතේ ලේඛණ වෙනස් කර මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 550ක් පමණක්  උසාවියට ඉදිරිපත් කළ සිදුවීමක් සම්බන්ධව බියගම පොලිස් නිලධාරීන් දැඩි අපේක්ෂා භංගත්වයට පත් වී ඇතැයි වාර්තා වේ.

සැබෑ ලෙස අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය වූ මිලි ග‍්‍රෑම් 5520 වෙනස් කර මිලි ග්‍රෑම් 550ක් ලෙස උසාවියට ඉදිරිපත් කළ අපරාධකරු පසුදාම ඇප මත නිදහස් වී පැමිණ       වැටලීම කළ බියගම පොලිසියේ අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපතිවරයාටත්,  ඊට එක් වු  නිලධාරීන්ටත්   මානව හිමිකම් නඩුවක් ගොනු කර ඇති බව ද අනාවරණය වී ඇත.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

පසුගිය දෙසැම්බර් 23 දා පොලිසිය විසින්  හඳුනාගෙන සිටි සපුගස්කන්ද ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බියගම ආයෝජන කලාපය ඉදිරියේ ප්‍රධාන ගේට්ටුව අසල දී අත් අඩංගුවට ගත්තේය. මෙම 37 හැවිරිදි පුද්ගලයා මල්වාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු බියගම ආයෝජන කලාපය ඉදිරිපිට දුරකථන අලෙවි සැලක් ද පවත්වාගෙන යන අයෙක් බව කියැවිනි.

අත් අඩංගුවට පත් පුද්ගලයා ලඟ අයිස් මත්ද්‍රව්‍ය  මිලිග්‍රෑම් පන්දහස් පන්සිය විස්සක් හෙවත් ග්‍රෑම් පහයි මිලිග්‍රෑමි පන්සිය විස්සක් සොයා ගැනුණි.  අත් අඩංගුවට පත් සැකකරු  සැකකරු බියගම පොලිසියට රැගෙන ආවේය. සියලුම තොරතුරු ලේඛන ගත කළේය. නඩු භාණ්ඩ ද ලේඛණ ගත විය. වැටලීම ගිය නිලධාරීන් සිය ගමන් සටහන් පොතේ ද නියමිත පරිදි සියල්ල සටහන් කර තැබුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම පුද්ගලයා අත් අඩංගුවට ගැනීම සම්බන්ධව පොලිසියේම කොස්තාපල්වරයෙක් මුලින්ම කලබල වී තිබිණි. සැකකරුගෙ දුරකථන සම්බන්ධව කළ මුලික විමර්ශනයේ දි මෙම සැකකාර කොස්තාපල්වරයා සහ සැකකරු අතර තිබුණු සමීප සම්බන්ධතාවයක් ද හෙළි විය. විමර්ශකයන් කළ හෙළිදරව් කිරීම්වල දී මීගමුව පැත්තේ දේශපාලන පාර්ශවයක් හා සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාලයේ  චරිතයක් ලෙස මෙම පුද්ගලයා කටයුතු කරන බවත්, කොස්තාපල්වරයා ඔහුගේ ජාවාරමට සම්බන්ධව සිටින බවත් අනාවරණය වී තිබිණි.

මේ අතර ඉතාම තීරණාත්මක සිද්ධියක් වන්නේය. ඉහළින්ම ලද නියෝගයක් බව කියමින් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහකාර පොලිස් අධිකාරීවරයා හරහා  බියගම පොලිසියට දන්වා සිටින්නේ සැකකරුට ඇප ලබා දිය හැකි මට්ටමට අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ බර අඩු කර ලේඛණගත කිරීීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 හෙවත් මිලි ග්‍රෑම් පන්දහසට වඩා වැඩි ප්‍රමාණයක් සමග අත්ඩංගුවට පත්වුහොත් එම පුද්ගලයාට ඇප ලැබෙන්නේ නැත.   ඇප ලැබුණත්  ලබා ගැනීමට මාස කිහිපයක් ගතවන්නේය.   ඒ සඳහා මහාධිකරණයේ පිහිට පැතිය යුතුය. ඇප ලබා ගැනීමට හැකි ප්‍රමාණයට මත්ද්‍රව්‍ය බර අඩු කරන්න නම්  අත් අඩංගුවට ගත් ග්‍රෑම් 5යි මිලි ග්‍රෑම් 520න් ග්‍රෑම් 5 ඉවත් කර ලේඛන සකස් කළ යුතුය. වැටලීම ගිය නිලධාරින් මේ වෙනස් කිරීමට එකඟ වූයේ නැත. එය ඔවුන්ගේත් බෙල්ල කැපෙන අනීතික වැඩකි.

එහෙත් නියෝගය බලවත් වූයේය. සියලුම පොත්පත්වල අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය මිලි ග්‍රෑම් 5520ක්  ලෙස සටහන්ව තිබෙද්දී බිගයම පොලිස් ස්ථානාධිපතිවරයා  උසාවියට ඉදිරිපත් කරන බී වාර්තාවට ඇතුළත් කරන්නේ මේ පුද්ගලයා සන්තකයේ අයිස් මිලි ග්‍රෑම් 550ක් තිබූ බවකි.

සැකකරුට එදිනම ඇප ලැබුනේය.  සිද්ධිය සම්බන්ධව පොලිසිය තුළින්ම විරෝධතා මතු වූයේය. අභ්‍යන්තර පරික්ෂණයක් ද සිදු කර තිබිණි. මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා කරන්නේ අපුරු වැඩකි. අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය ඔහුව බේරා ගැනීම වෙනුවෙන් ග්‍රෑම් පහකින් අඩුකර බියගම ස්ථානාධිපතිවරයා කළ ඉදිරිපත් කිරීම පදනම් කරගෙන ඔහු තමන්ව අත් අඩංගුවට ගත් නිලධාරීන්ට එරෙහිව මානව හිමිකම් පැමිණිල්ලක් ගොනු කරන්නේය.

ඊට අමතර සාක්ෂි ලෙස බියම පොලිසියේ ඔහුට හිතවත් කොස්තාපල් විසින් ඔහු රැගෙන ඒම, ප්‍රශ්න කිරීම සහ පොලිස් කූඩුවට දැමීම දක්වා සියලු කරුණු වීඩියෝ ගත කර එම විඩියෝ ක්ලිප් ජාවාරම්කරු වෙත ලබා දෙන්නේය.

යුක්තිය සම්බන්ධව බරපතල ප්‍රශ්න මතුවන මෙවැනි විශේෂ සිදුවීම්  වාර්තා වන බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේය. ඒ සෑම අවස්ථාවකදීම පොලිසියේ ඉහළම පාර්ශවය මෙම මැදිහත් වීම් සිදුකර ඇති බව පැවසෙන්නේය.  ලෝකයට මාර කතා කියන යුක්තිය ඒ තරම් මාර නැති ගැලරියට ගහන ෂෝ එකක් බව  පොලිසිය ඇතුළෙන්ම එළියට එන මෙවැනි සිද්ධි හරහා ප්‍රකාශිතව තිබේ.  .

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වෛද්‍ය  නිර්දේශවලින් තොරව ඖෂධ නිකුත් කරන ෆාමසි වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න… GMOA සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලයි!

Next Post

පාසලක් බේරගන්න උපවාසයක්… කුඩා ඔය ගැමියෝ පාසල ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කරති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.