කල්කුඩා ප්‍රදෙශයේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව කටයුතු කරන තරුණ කණ්ඩායමක සාමාජිකයෙකුගේ නිවස වැටලීමට මඩකලපු පොලිිසිය විසින් කටයුතු කිරීමත් සමග ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබිණි.
මෙම උණුසුම් තත්ත්වය ඇතිවන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට එරෙහිව එළිපිට වැඩ කරන මෙම තරුණයින්ගේ නිවෙස්වලට මත්කුඩු දමා ඔවුන්ව අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් ඇති බවට කල් තියා ඔවුන්ට ලැබී තිබුණු තොරතුරක් සමගිනි.
මත්කුඩු ජාවාරම් කරුවන්ගේ සැලසුමකට අනුව පොලිිසය ක්‍රියාකරනු ඇතැයි ඇතිවූ සැකයක් මත සමාජ මාධ්‍ය ජලා හරහා සජීවීව එම අවස්ථාව විකාශය කරමින් එම තරුණයින් දැඩි ලෙස පොලිසිය ප්‍රශ්න කළේ තමන්ව හොඳින්ම දන්නා, තමන් ලබා දුන් තොරතුරු සමග තමන් සමගම මත්ද්‍රව්‍ය වැටලීම්වලට ගිය පොලිස් නිලධාරීන් මේ ආකාරයෙන් හැසිරෙන්නේ කුමක් නිසාදැයි ප්‍රශ්න කරමිනි.
“කුඩු විකුණන අය ගමේ ඉන්නවා. ඔවුන්ව පෙන්වලා දීලා තියනවා. එයාලගේ ගෙවල්වලට යන්න බෑ කියන පොලිසිය මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව කටයුතු කරන අපේ ගෙවල්වලට ඇවිත් සර්ච් කරනවා. මේ අය අපිව හොඳින්ම දන්නවා. පොලිසියේ කීර්ති නාමයට හානි කරන්නේ මේ වගේ කණ්ඩායම්. අපි පොලිිසයට ගරු කරනවා. ත්‍රිවිධ හමුදාවට ගරු කරනවා. අපි මේ රටට ආදරෙයි. ඒ නිසා තමයි අපි මේ විදිහට පාරට ඇවිත් තියෙන්නේ. අපට මෙහෙම කරන්නේ ඇයි.”
එම තරුණයින් මඩකලපුව පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියහ. මේ ඒ වීඩියෝවය.







