දිනසේන රතුගමගේ –
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ යාපනයේ තරුණ තරුණියන් 11 දෙනෙකු පුනරුත්ථාපනයට ලක් කරණ ලෙස ඔවුන් විසින්ම යාපනය දිසාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කොට තිබේ.
තරුණියන් 04 දෙනෙක් සහ තරුණයින් 07 දෙනෙක් මෙසේ පුනරුත්ථාපනය වීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිටිති.
මෙම තරුණ තරුණියන් වයස අවුරුදු 22-27 වයස් සීමාවේ පසුවන්නන්ය.
මෙම පිරිස කළ අනුව ම 11 දෙනාම යාපනය දිසාපති අම්බලවානර්ගේ විශේෂ ඉල්ලීමක් මත නිට්ටඹුවේ පිහිටි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක් වෙත ඊයේ (18) යොමු කොට තිබේ.
යාපනයේ ක්‍රියාත්මක ස්වේච්ඡා සංවිධාන විසින් මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ අවධානම පිළිබදව ගම්මට්ටමින් දේශන හා වැඩ මුළු පැවැත්වීමේ ප්‍රතිපලයක් වශයෙන් මෙම තරුණ තරුණියන් 11 දෙනා ස්වේච්ඡාවෙන්ම පුනරුත්ථාපනය සදහා ඉදිරිපත් වී ඇත.