අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනුරාධපුරයේ සංචාරක කර්මාන්තය නටබුන් වෙමින් ඇති අයුරු හෝටල් හිමියෝ කියති!

බැංකුවට සින්න වෙච්චි හෝටල් පවරා ගෙන යළි ඒ දෙපළ බැංකුවට නැවත විකුණා ගන්නවත් බෑ... බැංකුවත් අසරණයි...

by editor
සැප්තැම්බර් 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අනුරාධපුර –  පර්සි කුරුනේරු –

සිය ව්‍යාපාර කරගෙන යාමට නොහැකිවූ  ප්‍රධාන පෙළේ   සංචාරක හෝටල් හිමියන් තිදෙනෙක් මේවනවිට එම ක්ෂේත්‍රයට සමුදී ඇති බව  අනුරාධපුර සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති ඩේමියන් පෙරේරා   පවසයි.

සභාපතිවරයා පවසන පරිදි තවත් සංචාරක හෝටල් හිමියන් පිරිසක් තම ව්‍යාපාර විකුණා දමා විදෙස්ගත වීමට සූදානමින් ඇත.

අනුරාධපුර සචාරක හෝටල් හිමියන් මුහුණ පා සිටින ගැටලු සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට  අනුරාධපුරදී   පැවති හමුවකදී ඔහු  මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩේමියන් පෙරේරා   මෙසේද කීය.

“වසර ගණනාවක සිට මේ රට පාලනය කළ සියලුම ජනාධිපතිවරුන්, අගමැතිවරුන්, විෂය භාර අමාත්‍යවරුන් මේ ප්‍රදේශයේ සිටි විශාල ඇමතිවරුන් පිරසකට  අපි මුහුණ පා සිටින  ප්‍රශ්න  ගැන ඉදිරිපත් කොට තිබෙනවා. නමුත් මේ වනතුරු ඔවුන්ගෙන් අපට කිසිම සහනයක් ලැබී නෑ.”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ටිකට් එක දවස් තුනක් කරන්න බැරි ඇයි?

“අපි ඔවුන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටි ප්‍රමුඛ කාරණය වුනේ අනුරාධපුරේ සංචාරය සදහා පැමිණෙන විදේශීය සංචාරකයන් වෙත අනුරාධපුර අටමස්ථානය ඇතුලු සුන්දර ස්ථාන නැරඹීමට  එක් දිනක් සඳහා වලංගු වන ලෙස  මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් නිකුත් කරන ප්‍රවේශ පත්‍රය දින තුනක කාලයකට දීර්ඝ කර දෙන ලෙසටයි. එම ප්‍රවේශ පත්‍රය  වෙනස්  කිරීමෙන්  රජයට කිසිම වැය බරක් හෝ අගතියක්  සිදු වන්නෙ නෑ. මේ හරහා සිදුවන එකම දේ ඍජු හා වක්‍රව  නිරතව සිටින  සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ සියලුම දෙනාට එයින් උපරිම ඵල නෙලා ගැනීමට හැකියාව ලැබීමයි.”

“එම ප්‍රවේශ පත්‍රය නිකුත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුණොත් දින දෙකක් හෝ තුනක කාලයක්  සංචාරකයන් අනුරාධපුරේ රඳවා ගත හැකියි. ඒ අනුව  සංචාරකයන් අනුරාධපුරේ සංචාරක  හෝටල් වල නවතිනවා නම්  කිසිම අයුරකින් ගැටලු නොවන ලෙස සංචාරක  ව්‍යාපාරය  දියුණු  කිරීමට හැකියාව තිබෙනව. අපට එවැනි පහසුකම් ඇති කිරීමට අනුරාධපුර නගරයට පැමිණෙන සංචාරකයන් දින දෙක තුනක්‍ රැදී නොසිටීම ප්‍රශ්නය වී තිබෙනවා.”

එම නිසා අපි රජයෙන් ඉල්ලා සිටින්නෙ අනුරාධපුර සංචාරය සදහා පැමිණෙන  විදේශීය සංචාරකයන් වෙත නිකුත් කරනු ලබන ප්‍රවේශ පත්‍රය දින තුනක කාලයකට  වලංගු කර දෙන්න කියල.

මෙම ප්‍රවේශ පත්‍රය නිකුත් කිරීමෙන් රජයට කිසිදු පාඩුවක් සිදු වන්නේ නෑ.”

“එම පැය දෙක තුන තුළ අනුරාධපුර අටමස්ථානය ඇතුලු සුන්දර වැදගත් ස්ථාන නැරඹීමට ඔවුන්ට කාලය ප්‍රමාණවත්  නෑ. ඒ අනුව ඇතැම් විදේශික සංචාරකයන් ඉතිරිවන කාලය තුළ එම ප්‍රවේශ පත්‍ර අනුරාධපුරේ නැරඹීමට  වෙනත් විදේශිකයින් වෙත ලබා දී අවභාවිතා කරන බව අපි අනන්ත අප්‍රමාණව දැක තිබෙනව.ඒ හරහා  සිදුවන්නෙ විදේශීය  සංචාරකයන්ගෙන් රජයට ලැබෙන ආදායම අහිමිවීම.”

මීට වසර කීපයකට  පෙර  අනුරාධපුර සීගිරිය පොලොන්නරුව කියන ස්ථාන තුනම නැරඹීමට හැකියව ලැබෙන සංචාරකයන් වෙත  දින දහ හතරකට වලංගු ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වුනා.යම් යම් පුද්ගලයන්ගේ පටු ආකල්ප හා වාසි තකා  එක් ස්ථානයකින් වැඩි මුදලක් ලබා ගැනීමේ චේතනාව මත ප්‍රවේශ පත්‍රය තුනට කඩා  තියෙනව. ඒ හරහා සියලුම ආයතන වලට අගතියක් සිදු වුණා මිස සුගතියක් වී නෑ.

හෝටල් හිමියන් අන්ත අසරණයි.

අපේ සංගමයේ සාමාජිකයින් එකසිය දහයකට වැඩි සංඛ්‍යාවක් මේවනවිට දැඩි ආර්ථික අපහසුතාවයට  පත්ව සිටිනව ඔවුන් ලබා ගත් බැංකු ණය හා ලීසිං වාරික  ගෙවා ගැනීමට නොහැකිව අපහසුතාවයට පත්ව සිටිනවා, ලැබෙන ආදායමට වඩා විදුලි දුරකථන ගාස්තු  එන්න එන්නම වැඩිවීම සම්බන්ධයෙන් අපහසුතාවයට පත්ව සිටිනව. මේ නිසා සංචාරක ව්‍යාපාරයේ නියැලි සිටින හැම කෙනෙක්ම දැඩි පීඩනයකින්. මේ තත්ත්වය හමුවේ සියලුම දෙනා මානසික ආතතියට පත්ව  ඉන්නෙ.

මේවනවිට ලබා ගත් ණය ගෙවා ගැනීමට නොහැකිවූ අනුරාධපුරේ සංචාරක හෝටල් තුනක් බැංකුවලට පවරා ගැනීමට තීරණය කොට තිබුණත්  එම සංචාරක හෝටල් පවරා ගැනීමෙන් පසු විකිණීමට නොහැකිව අදාල  බැංකුත් දැන් අර්බුදයකට පත්ව සිටිනවා.

සංචාරක ව්‍යාපාරය ගොඩ නැගීමට කටයුතු කරන බව  වත්මන්  ආණ්ඩුව කීවත් අපට ලැබී තිබෙන තොරතුරු වලට අනුව මේ මාසෙ විසි හත් වෙනිදා (27) අනුරාධපුරේ ලෝක සංචාරක දිනය සැමරීමට හෝ ඒ වෙනුවෙන් කිසියම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අදාල රාජ්‍ය ආයතන වලට  මේ වනතුරු ශත පහක මුදලක් ලැබී නෑ.

කෙසේ වෙතත් සංගමයක් ලෙස උතුරුමැද පළාත් සංචාරක අමාත්‍යාංශය හා සංචාරක මණ්ඩලය  සමග එක්ව ලෝක සංචාරක දිනය සැමරීමට හොටල් හිමියන් හැටියට අප බලාපොරොත්තු වෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිය සොයාගෙන ගොස් තැන තැන මඩේ එරෙන වන අලි…

Next Post

මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වූ තරුණියන් 04ක් තරුණයින් 07ක්  තමන් පුනරුත්ථාපනය කරන ලෙස දිසාපති කාර්යාලයෙන් ඉල්ලති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.