හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් මත්තල ගුවන් තොටුපළ හරහා විදේශගත වීමේ උත්සාහයක් පවතින බවට ලැබුණු තොරතුරක් මත එම ගුවන් තොටුපළේ ආගමන විගමන නිලධාරීන් වහාම සිය සෙවා සැපීමෙන් ඉවත් වීමට තීරණයක් ගෙන ඇති බව වාර්තා වේ.
ඔවුන් අද අලුයම සිට කටුනායක ගුවන් තොටුපළේද විශේෂ පහසුකම් සපයන සේද මාවත ඇතුළු වීමේ පර්යන්තයේ සේවය කිරීමෙන් ඉවත් වූ අතර එම පර්යන්තය හරහා විදේශගත වීමට පැමිණ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ට පැවැති විරෝධය හමුවේ ආපසු යාමට සිදුවිය.







