දිනසේන රතුගමගේ –
මන්නාරම මරුද මඩු දේවස්ථානයේදී ජූලි මස 2 දා පැවැත්වෙන මඩු මෑණියන්ගේ අවී පූජාවට මෙවර සහභාගි විය හැක්කේ බැතිමතුන් 30 දෙනෙකුට පමණක් නිසා පිට පළාත්වල කිසිදු බැතිමතෙකු මඩු දේවස්ථානය වෙත නොපැමිණෙන ලෙස මන්නාරම රදගුරු එමානුවල් ප්‍රනාන්දු හිමිපාණෝ 28 දා පැවසූහ
.
මන්නාරම ජෝෂප් වාස් ශාලාවේදී පැවති විශේෂ සාකච්ඡාවකින් ආනතුරුව රදගුරු හිමියෝ මේ බව පැවසූ අතර එම සාකච්ඡාවට මන්නාරම දිසාපතිනී නන්දනී ස්ටැන්ලිද මෙල් මහත්මිය හා ආරක්ෂක අංශ නිලධාරීන් සමග සෞඛ්‍ය නිලධාරීහු ද සහභාගි වූහ.
මරඳමඩු දේවස්ථානයේ මඩු මෑණියන්ගේ මංගල්ල සමය පසුගිය 23 වෙනිදා සිදු කළ කොඩි එසවීමේ උත්සවයත් සමග ආරම්භ වූවත් කොරෝනා වසංගතය නිසා මඩු දේවස්ථානයේ එළිමහන් මලුවල ඇවිදීම පෙරහැර යාම ඇතුලු සියලු දේ තහනම් කොට තිබේ.
ජූලි 2 දා පැවැත්වෙන මඩු මෑණියන්ගේ අවී පූජාවද දේවස්ථානය ඇතුළත පූජාවන්ට පමණක් සීම කොට ඇති අතර ඊට සහභාගි විය හැක්කේ පූජකවරුන්ද ඇතුලුව 30 දෙනෙකුට පමණි.