බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ජෛව ආරක්ෂක බුබුල බිඳ දැමූ ක්‍රීඩකයන්ට එංගලන්තයේ අප්‍රසාදය…

by editor
ජූනි 29, 2021
in ක්‍රීඩා, පුවත්
kusal-dikwella-
Share on FacebookShare on Twitter

ජෛව ආරක්ෂක බුබුල බිඳ දමා තමන් නවාතැන්ගෙන සිටි ඩරම් හී රැඩිසන් බ්ලූ හෝටල් පරිශ්‍රයෙන් පිටත පැමිණ අයාලේ ගිය ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් තිදෙනා විසින් ඇතිකළ අනාරක්ෂිත තත්වය නිසා මුළු තරගාවලියම වියවුලකට පත් කර ඇති බවත් මේ සිදුවීම සම්බන්ධව එංගලන්තය පාර්ශවයෙන්    පුද්ගලිකව සිය අප්‍රසාදය වී  ඇති බවත් වාර්තා වේ.

ලංකාව තුළ බිහිසුණු ඉන්දියානු කොවිඩ් ප්‍රභේද පැතිරයන අවස්ථාවක කිසිම යුරෝපීය රටකට ලාංකිකයන්ට ඇතුළුවීමේ අවසර නොලැබෙන තත්වයක් තුළ ජෛව ආරක්ෂක බුබුලක ක්‍රීඩා කිරීමට අවස්ථාව සලසා දීම අන්තර්ජාතිකව ලැබුණු වැදගත් තීන්දුවක් බවත්, ඊට ගෞරව කළ හැකි විනයක් මේ ක්‍රීඩකයන්ට නොතිබුණු ආකාරයත් විවේචනයට ලක් වෙමින් ඇත.

ජෛව ආරක්ෂක බුබුලක් තුළ ක්‍රීඩා කිරීමේ දී තමන් ගැන, තම කණ්ඩායම ගැන පමණක් නොව, තමන් හැසිරෙන පරිසරයේ ද ආරක්ෂාව පිළිබඳ වගකීම ක්‍රීඩකයන් සතුවන බවත්, ඒ විනය නීති මොනතරම් තියුණු දැයි දක්වතොත් ක්‍රීඩා කරන අතර තුර ක්‍රීඩා පිටියෙන් ඉවතට යන පන්දුව යළි විනිසුරුවරුන් වෙත ලබා දීමෙන් පසු එය ලබා දුන් ක්‍රීඩකයාගේ දෑත් සහ එළියට ගිය පන්දුව විෂබීජ හරණය නොකර තරගය ආරම්භ නොකරන බවත් ශ්‍රි ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.

බොහෝ ක්‍රීඩකයන් පන්දුව විනිසුරුවරයා වෙත පාදයෙන් ගෙන යන අවස්ථා පෙනෙන්නේ ඒ නිසා බව ඔවුන් කියන්නේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

එවැනි දැඩි නීති සමුදායකට යටත් කොට ජෛව බුබුලක් සදා රටක් නියෝජනය කරන්නට යන ක්‍රීඩකයන් අවිනීතව අයාලේ යෑම ජාත්‍යාන්තර ගැටලුවක් තෙක් දිවෙන තත්වයක් නිර්මාණය කළ හැකි බව එම ආරංචි මාර්ග පැවසුවේය. ක්‍රීඩකයන් විෂයෙහි බලපැවැත්වෙන මූලික නීති ප්‍රකාරව රාත්‍රී 10න් පසුව සිය නේවාසික කාමර තුළ රැඳී සිටීම මෙම ක්‍රීඩකයන්ට අනිවාර්ය විය.

මේ වනවිට මෙම ක්‍රීඩකයන් වෙත පස් අවුරුදු ක්‍රීඩා තහනමක් පැනවීමට සඳහා ක්‍රිකට් විධායක සභාව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

හෙට එංගලන්තයේ සිට පැමිණෙන විශේෂ ගුවන් යානයකින් ඔවුන් තිදෙනා ලංකාවට පැමිණීමට නියමිත බවත් එම ආරංචි මාර්ග කීවේය.

අයාලේ යන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ හැසිරීම වීඩියෝගත කර එරට සිටින ලාංකිකයෙක් විසින් සමාජ මාධ්‍යය වෙත මුදාහැරීමත් සමග රට තුළ ඇති වූ දැඩි විවේචනයන් හමුවේ කණ්ඩායම් කළමනාකාරවරයාගෙන් මේ පිළිබඳව වහාම වාර්තාවක් කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කටයුතු කළේය.  ඔවුන්ගේ ක්‍රිකට් තාවකාලිකව තහනම් කර ලංකාවට ගෙන්වනු ලබන්නේ ඉන් පසුවය.

මෙම ක්‍රීඩකයන් තිදෙනා යළි යළිත් ජාතික  කණ්ඩායමට ඇතුළත් කරගන්නේ ඔවුන් සම්බන්ධව බරපතල විනය චෝදනා ගොනු වී තිබිය දීය. නිරෝෂන් දික්වැල්ලට ජාත්‍යාන්තර තරගාවලි අතර තුර බීමතින් සාමාජ ශාලාවල හැසිරෙමින් කාන්තා ඇසුර සෙවීම සම්බන්ධව චෝදනා ගොනු වී තිබිණි. කුසල් මෙන්ඩිස් නීති විරෝධී ආකාරයෙන් රිය ධාවනය කර පුද්ගල ඝාතනයක් සිදුකිරීමෙන් පසු සැඟ වී සිට නීතිඥයන් මාර්ගයෙන් උසාවියට ඉදිරිපත් වී එතරම් කලක් නැත. ඇල්කොහොල් ශරීරගතව තිබුණා නම් ඒ ලකුණු මැකී යන්නට අවශ්‍ය වී යැයි සිතෙන කාලය ඔහු සැඟවී සිටි කාලයට සමාන  යැයි තතු දත් අය කීහ. ධනුෂ්ක ගුණතිලක හෝටලයක දී ස්ත්‍රී දූෂණයක් කරන්නට උත්සාහ කර ඒ බලහත්කාරයට නතු වන්නට ගිය තරුණියගේ ඥාතීන්ගෙන් ගුටි කා රහසිගතව ප්‍රතිකාර ගනිමින් සිට ඉකුත් අප්‍රේල් මස 20 වැනිදා නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද ප්‍රමුඛ විනය කමිටුවක් මගින් මානසික උපදේශනය සඳහා නිර්දේශ කර සිටියෙකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහනුවර සේවිකාවක් විශේෂ අවශ්‍යතා ඇති පිරිමි දරුවෙක් බලත්කාරයෙන් ලිංගිකව අපයෝජනය කරලා…

Next Post

මඩු මංගල්‍යයට 30ක් පමණයි… කිසිම කෙනෙක් පිටින් එන්න එපා…මන්නාරම අග රදගුරු කියයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.