හෙට උදෑසන තමන් ලබපු සියලුම අධ්‍යාපන සහතික පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
ඔහු එසේ පැවසුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස විසින් රටේම චෝදනාවට ලක් වී ඇති විපක්ෂ නායකයාගේ අධ්‍යාපන සුදුසුකම් පෙන්වීමට මෙය අවස්ථාවක් කරගත යුතු බවට කළ යෝජනාවට පිළිතුරු දෙමිනි. ආචාර්ය හර්ෂ ද සිල්වාගේ අධ්‍යාපන සුදුසුකම් කිසිවෙක් ප්‍රශ්න නොකරන නමුත් විපක්ෂ නායකවරයාගේ අධ්‍යාපන සුදුසුකම සම්බන්ධව නිරන්තර ප්‍රශ්න කිරීමකට ලක්වන බව ද වෛද්‍ය නලින්ද ජයතිස්ස කීවේය.
ඊට පිළිතුරු දෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙසේ පැවසුවේය.
” හෙට උදේ මගේ උපාධි සහතිකය පමණක් නොවෙයි. ඉන් ඔබ්බටත් ගිය අනෙක් සහතික ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා.” විපක්ෂ නායකවරයා සහතික වුනේය.







