අද උදෑසන පාර්ලිමේන්තුවට පැමිණෙන විටත් තමන් නියෝජ්‍ය කථානායක ධුරයට පත් කර ගැනීම සිදුවන්න් තමන් ඇතුළු විපක්ෂයේ සම්පූර්ණ එකමුතුවෙන් බවට ඒකඟතාවක් තිබූ බවත් මෙම පත් කිරීම විපක්ෂයේ බලය පෙන්වන අවස්ථාවක් වනු ඇති බවට තමන් බලාපොරොත්තු වුවද ඒ ඓතිහාසික අවස්ථාවෙන් විපක්ෂය ප්‍රයෝජන නොගත් බවත් ඉල්ලා අස් වී නැවත පත්වුණු රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කථානායක ධුරයට තේරී පත්වීමෙන් අනතුරුව සභාව අමතමින් පැවසීය.
යළිත් නියෝජ්‍ය කථානායක ධුරයට පත්වීම පිළිබඳව සිය ස්තූතිය පල කරමින් අදහස් දැක්වු සියඹලපිටිය තවදුරටත් තමන් විපක්ෂ කණ්ඩායම නියෝජනය කරන්නකු බවද පැවසීය.
” ඊයේ සවස ඉඳන් අද උදේ දහය වෙන තුරුත් තිබුණේ විපක්ෂය් ඒක ඒකඟතාවක්. ඒ විපක්ෂයේ සියලු දෙනාගේ ඒකමුතුවෙන් මා නියෝජ්‍ය කථනායක ධුරයට පත් කර ගන්නවා කියන ඒකයි. එය මේ මොහොතේ විපක්ෂයේ බලය ප්‍රදර්ශනය කිරීමට තිබූ හොඳ අවස්ථාවක්. නමුත් මට කණගාටුය ඒ අවස්ථාව විපක්ෂය ප්‍රයෝජනයට ගත්තේ නෑ.“
යනුවෙන් පැවසීය .
මේ වනවිට රට තුළ පවතින තත්තවය මත තමන් ඇතුලු කණ්ඩායමක් ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වී ස්වාධීන වූවා පමණක් නොව විපක්ෂයට පැමිණ වාඩිවන ත්තවයකට පත් වූ බවත් තමන්ට අවශ්‍ය වූයේ මෙම ඡන්දවිමසීම හරහා විපක්ෂයේ බලය පෙන්වම බවත් සඳහන් කළේය.
කෙසේ වුවද විපක්ෂයේ සිටි සයඹලාපිටියගේ නම නියොජ්‍ය කතානායකවරයා ලෙස යෝජනා කිරීමේදී ඒයට අකූලතාවක් දක්වමින් ආණ්ඩු පක්ෂයද ඒම යෝජනාව අනුමත කළ අතර ආණ්ඩුවේ සහය ඔහුට පවතින නිසා විපක්ෂයෙන් ඉම්තියාස් බාකීර් මාකර් ගේ නම යෝජනා කරන බව විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.