විවාහ මංගල උත්සව සහ අවමංගල උත්සව සඳහා සහභාගී කරවාගත හැකි පිරිස සීමා කිරීමට රජයේ අවධානය යොමු කර තිබේ.
මේ බව දක්වමින් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ කියා සිටියේ සඅයලුම උත්සව අවස්ථා ඇතුළු පුද්ගල ඒකරාශීවීම් සම්බන්ධයෙන් මින් ඉහත දී ක්‍රියාත්මක වූ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ක්‍රියාත්මක කිරීමට රජය අවධානය යොමු කර ඇති බවය.
රජය මුලින් නිකුත් කළ මාර්ගෝපදේශන්ට අනුව නියමිත සෞඛ්‍යය නිර්දේශ පිළිපදිමින් විවාහ මංගලෝත්සවයකට සහභාගී විය හැක්කේ 50කට පමිණි. සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් අවමංගලෝත්සවයක ඕනෑම වෙලාවක රැස් වී සිටිය හැක්කේ පුද්ගලයින් 25 දෙනෙකුට පමිණි.







