ත්‍රිකුණාමලය – සමන් මල්ලවආරච්චි –
කුවේට් සිට මෙරටට ගෙන්වා ත්‍රිකුණාමලය මංකි බ්‍රිජ් යුධ හමුදා කඳවුරේ නිරෝධායනයට ලක්කර සිටි ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමික කතක් අද (25) අලුයම හදිසියේ රෝගාතුරව මියගිය බව චීනවරාය පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ පයාගල ගොරක දෙණියේ පදිංචි පනස් දෙහැවිරිදි කාන්තාවකි. මියගිය අය කුවේට් සිට මෙරටට ගෙන්වු ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයන් පිරිසක් සමග ත්‍රිකුණාමලය මංකිබ්‍රිජ් යුධ හමුදා කඳවුරේ නිරෝධායනයට ලක් වෙමින් සිට ඇත.
ඇය හදිසියේ රෝගාතුරවිම නිසා ප්‍රතිකාර සදහා යුධ හමුදාව විසින් ත්‍රිකුණාමලය මහ රෝහලට රැගෙන යන අවස්ථාවේදි මිය ගොස් ඇත. මරණයට හේතුව මෙතෙක් වාර්තා වී නැති අතර මේ සම්බන්ධව ත්‍රිකුණාමලය රෝහල් පොලිසිය චිනවරාය පොලිසිය වෙත කළ දැනුම් දිමක් මත චීනවරාය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
මෙම විදෙස් ශ්‍රමික කණ්ඩායම සමග පැමිණ චීනවරාය, ක්ලැෆන්බර්ග් යුද හමුදා කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු ද කොරෝනා ආසාධිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා කාත්තන්කුඩි මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ඔවුන් කොරෝනා ආසාධිතයන් බවට පෙරේදා (24) හඳුනාගෙන ඇති බව වාර්තාවේ.