මේ වනවිට බරපතල චෝදනාවට ලක් වී ඇති භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සිදුවෙමින් පවතින අනීතික ක්‍රියා සම්බන්ධව හෙළි දරවු කිරීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ සේවක අයිතීන් සුරැකීමේ වෘත්තීය සමිතිය විසින් කැඳවූ මාධ්‍ය සාකච්ඡාවෙන් අනතුරුව එම සාකච්ඡාවට සහභාගී වූ වෘත්තීය ක්‍රියාකාරීන් සිව් දෙනාගේ වැඩ තහනම් කිරීමට එම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කටයුතු කර ඇතැයි අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ වුනේය.
එසේ වැඩ තහනමට ලක් වූයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥයෙක්, ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරන එම වෘත්තීය සමිතියේ සභාපති ඒ.එස්.ජයකොඩි, ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥවරියකවන දීපානි විජේකෝන්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරියකවන භරණි විජේසුන්දර, ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ චමින්ද විජේරත්න යන නිලධාරීන්ගේය.
මේ සම්බන්ධව ප්‍රශ්නකරමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මෙසේ පැවසීය.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ සේවක අයිතීන් සුරැකීමේ වෘත්තීය සමිතිය කම්කරු දෙපාර්තමේන්තුවෙ ලියාපදිංචි වෘත්තීය සමිතියක්. ඔවුන් එම වෘත්තීය සමිතියෙන් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තමන්ගෙ අදහස් ප්‍රකාශ කළා.
“මේ හතර දෙනාගෙ වැඩ තහනම් කළේ ඇයි. අධ්‍යක්ෂ ජනරාල්වරයා ආයතනයේ විනය බලධාරියා නෙමෙයි. විනය බලධාරීවරයා තමයි සභාපති.“
ඒ වගේම වේ වැඩ තහනමට අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියක් නෑ. ඕනෑම වැඩ තහනමකදි මූලික විනය පරීක්ෂණයක් තියනවා. එහෙම විනය පරීක්ෂණයක් නෑ. ඒ වගේම තමන්ගේ වෘත්තීය අයිතීන් වෙනුවෙන් කතා කරන්න වෘත්තීය සමිතියකට අයිතියක් තියනවා. එහෙම තියෙද්දි මේ වැඩ තහනම සිද්ධවන්නේ කෙසේ ද?. අමාත්‍යවරයා පිළිතුරක් ලබා දිය යුතුයි“







