බේරුවල ප්‍රදේශයේදී බෞද්ධ කොඩි එල්ලමින් සිටි පිරිසක් විසින් සිදුකළ පහරදීමෙන් බේරුවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා ඊයේ (09) රාත්‍රියේ නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.
පොලිසියට පහර දුන් පිරිස පාලනය කරගැනීම සඳහා පොලිසිය අහසට වෙඩි දෙකක් තබා ඇත.
බේරුවල ධීවර වරාය ආසන්නයේ සිද්ධ වූ මෙම පහරදීමට සම්බනන්ධ සැකකරුවන් 05 දෙනෙක් මේ වනවිට පොලිස් අත් අඩංගුවට පත් වී තිබේ.







