දිනසේන රතුගමගේ –
බෝට්ටුවකින් නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට යමින් සිටි පුද්ගලයින් 64 දෙනෙකු සමග යාත්‍රාවක් නාවික හමුදාව විසින් මුලතිව් හා ත්‍රීකුණාමළය අතර මුහුදේදී ඊයේ ( 15 ) දා අත් අඩංගුවට ගෙන තිබේ.
ගැඹුරු මුහුදේ ගමන් කරමින් තිබූ සැක සහිත යාත්‍රාවක් දැක එය නිරීක්ෂණය කිරීමෙන් පසුව නාවික හමුදාවට ඒ තුළ සිටි බාලවයස්කරුවන් 3 දෙනෙක් සමග පිරිමි පුද්ගලයින් 50 දෙනෙකු, කාන්තාවන් 11ක් හඳුනා ගන්නට නාවික හැකි වී තිබේ..
ඔවුන්ගෙන් නාවික හමුදාව කළ ප්‍රශ්න කිරීම් වලදි හෙළි වී ඇත්තේ ඔවුන් ඕස්ට්‍රෙලියාවට යාමේ අපේක්ෂාවෙන් මුදල් ගෙවා බෝට්ටුවට ගොඩ වූ බවයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් ත්‍රීකුණාමලය, මුලතිව් සහ යාපනය ප්‍රදේශවලට අයත් පුද්ගලයින් බව හඳුනාගෙන ඇත. ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා ත්‍රිකුණාමලය වරාය පොලිසිය වෙත බාර දී ඇත.
පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යයි.