බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත් අද පස්වරුවේ මුම්බායිහි සිය නිවසේ ගෙළ වැළලාගෙන මියගොස් සිටියදී සොයාගෙන තිබේ.
මොහු සියදිවි නසාගෙන ඇති බවට සැක කෙරේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 34 කි.
“කායි පෝ චේ!” චිත්‍රපටයෙන් 2013 දී බොලිවුඩ් සිනමාවට පිවිසි මොහු වඩාත් මෑතකදී දැකගත හැකි වූයේ “චිචෝර්” චිත්‍රපටයෙනි.
“ශුද්ද් දේශී රොමැන්ස්” සහ “එම් එස් දෝනි” අන්ටෝල්ඩ් ස්ටෝරි ” ඔහු රඟපෑ තවත් චිත්‍රපටයි.