සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බොරු තර්ක එපා… රට ගොඩගන්න දැන්වත් එකතු වෙන්න… ජනපති විපක්ෂ නායක ඇතුළු විපක්ෂයට ආරාධනා කරයි!

විපක්ෂ නායකකමට කිසිම තර්ජනයක් වීමට ඉඩ නොතබන බවද ජනපති සජිත්ට කියයි...

by editor
ජූලි 3, 2023 - Updated on ජූලි 4, 2023
in පුවත්
Ranil
Share on FacebookShare on Twitter

බොරු තර්ක ඉදිරිපත් කරමින්  තවදුරටත් අසාර්ථක වනවා වෙනුවට දැන්වත් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව සමඟ එක්වන ලෙස තමා විපක්ෂනායකවරයා ප්‍රමුඛ සමස්ත විපක්ෂයට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

දේශීය ණය ප්‍රශස්තකරණය සම්බන්ධයෙන් විපක්ෂය නැගූ සියලු චෝදනා මේ වන විට අසත්‍ය වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දැන්වත් ජනතාව වෙනුවෙන් වගකීම් ඉටුකර රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළට තමන් ද දායක වූ බව පවසමින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව උදාකර ගන්නා ලෙස ද විපක්ෂයට පැවසීය.

අවශ්‍ය නම් කථානායකවරයා සමඟ සාකච්ඡා කර ඔවුන්ට පාර්ලිමේන්තුව තුළ තවත් වගකීම් පවරාදීමට හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ දේශපාලන දිවියට වසර 32ක් සපිරීම නිමිත්තෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගේ උපහාරය පුද කරමින් අද (03) පෙරවරුවේ හම්බන්තොට මාගම් රුහුණු ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති “අමරවිරු අභිමන් 32” උපහාර උත්සවය අමතමිනි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙසේ ද පැවසීය

අප සියල්ල කරන්නේ මේ රට දියුණු කරන්න. රටේ මූල්‍ය ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි පියවර ගණනාවක් ගෙන තිබෙනවා. පසුගිය සැප්තැම්බර් මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මාණ්ඩලික මට්ටමේ ගිවිසුමක් අප ඇති කර ගත්තා. එය ක්‍රියාත්මක කිරීමට 2023 අය වැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

අපට බදු වැඩිකරන්න සිදු වුණා. මම කිව්වා අපි සියලුදෙනා එකතුවෙලා මේ වැඩ කරමු කියලා. ඒ අවස්ථාවේ විපක්ෂය කියා සිටියේ “අපිට අත්සන් කළ ගිවිසුම පෙන්වන්න, ආණ්ඩුව බොරු කරන්නේ, මේ මුදල් ලබා ගන්නේ දූෂණයට යෙදවීමට” කියලයි

නමුත් ජනවාරි, පෙබරවාරි මාස වන විට එම කටයුතු ක්‍රියාත්මක කිරීමෙන් පසු අපට තවත් පියවර ගණනාවක් ගැනීමට තිබුණා. ඒ සෑම අවස්ථාවකම උද්ඝෝෂණවලින් එම කටයුතු නතර කිරීමට උත්සාහ කළා. අපි ඒවට බය නැතිව ඉදිරියට ගියා. අවසානයේ අප්‍රේල් මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය මෙම ගිවිසුම අනුමත කළා. එහිදී එක කොන්දේසියක් වු‍ණේ පැරිස් සමාජය සහ ඉන්දීයාව හා චීනය සමඟ  ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟතාවකට පැමිණිය යුතු බවයි. එවිට විපක්ෂය කිව්වා චීනය ඒ සඳහා එකඟ වෙන්නේ නැහැ කියලා. අවසානයේ මාර්තු මාසය වන විට චීනය එකඟතාවය පළ කළා.

පසුව අපි කිව්වා මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ගේනවා කියලා. පාර්ලිමේන්තුවේ දී එය අනුමත කර ගැනීමට අප සියලුදෙනා එකට එක්ව කටයුතු කරමු කියලා. විපක්ෂය පාර්ලිමේන්තුවේදී මොකක්ද කළේ? ඔවුන් එයට සහයෝගය ලබා දුන්නේ නැහැ.

ඉන් අනතුරුව  අපට තිබුණේ ණය හිමියන් සමග සාකච්ඡා කිරීමටයි. අපේ නිලධාරීන්ට මම එය භාර දුන්නා. ඒ වන විට මහබැංකු අධිපතිතුමා සඳහන් කළා අපේ ණය ඩොලර් බිලියන 83ක් තිබෙනවා කියා. එය අපේ දළ දේශීය නිෂ්පාදිතයට සමානයි. මෙය වසර 10-15 ගියත් අපට ගෙවා අවසන් කරන්න පුළුන්කමක් නැහැ. ඒ නිසා විදෙස් ණය හිමියන්ට අප දැනුම් දුන්නා අපට ඩොලර් බිලයන 17ක සහනයක් අවශ්‍යයි කියා. එම සහනය ලබා දෙන්න, නැතිනම් ගෙවන කාලය දීර්ඝ කරන්න, එසේත් නොමැතිනම් පොළිය අඩු කරන ලෙස  ඉල්ලා සිටියා.

අපි එම සාකච්ඡා සිදු කරද්දි ඔවුන් පෙන්වා දුන්නේ විදෙස් ණය අඩු කරන්නම් නමුත් විදේශීය ණය පමණක් නොවෙයි දේශීය ණයත් තිබෙන බවයි. දේශීය ණය අඩු නොකළහොත් විදේශීය ණය ගෙවන්න මුදල් නැහැ. මොකද දේශීය මුදල්වලින් තමයි අපට ඩොලර් ගන්න තිබෙන්නේ. ඒ නිසා කිව්වා දේශීය ණයත් අඩු කරන්න කියලා.

ඉන් පසුව මහබැංකුවේ අධිපතිතුමා සහ මගේ උපදේශකවරයා ඇතුළු පිරිස සාකච්ඡා කර දැනුම් දුන්නා මේ රටේ බැංකු තැන්පතුවලටත්, අර්ථ සාධක අරමුදලටත් අත තියන්නේ නැතිව මේ වැඩකටයුත්ත සිදු කළ හැකි බව. ඒ නිසා මේ යෝජනාව ගෙනාවා. මෙය පළමුවෙන් රාජ්‍ය මුදල් කමිටුවට යවන්න අපි කටුතු කළා. මේක දේශපාලනඥයන් කථා කළ දෙයක් නොවෙයි, රාජ්‍ය මුදල් කමිටුව අදාළ නිලධාරීන් ගෙන්වා ප්‍රශ්න කළා. අනතුරුව ඔවුන් මෙම යෝජනාවට එකඟ වුණා.

නමුත් පාර්ලිමේන්තුවට ගිය විට එම සහයෝගය ලැබුණේ නැහැ. මෙම යෝජනාවට විරුද්ධව මන්ත්‍රීවරු 62ක් ඡන්දය ප්‍රකාශ කළා.

පළමුවෙනි කාරණය ලෙස ඔවුන් දක්වන්නේ අර්ථ සාධක අරමුදලට අත් තබන්න එපා කියලා. අපි ඊට අත තබා නැහැ. අර්ථ සාධක අරමුදලේ පොළිය 10%-9% දක්වා අඩු කෙරුණේ මම ජනාධිපතිවරයා වීමට පෙරයි. ඇත්ත වශයෙන්ම රටේ තිබු තත්ත්වය අනුව 10%ක් ලබාදීමට හැකියාවක් තිබුණෙ නැහැ. ඒත් එදා විපක්ෂය ඒ සම්බන්ධයෙන් විරෝධය දැක්වුවේ නැහැ.

කැබිනට් මණ්ඩලය තීරණය කළා අවම පොළිය 9%ක් තමයි  දිය යුත්තේ කියලා. අවම පොළිය 9% නම් හොද කාලයක් ආ විට 10% කරන්න පුළුවන්. එසේනම් අපි අර්ථ සාධක අරමුදලට අත තබා නැහැ. අපි අවම පොලියක් නියම කරමින් නීතියෙන්ම එය ආරක්ෂා කළා.

දෙවනුව ඔවුන් සඳහන් කළා බැංකු පොළිය 24%යි, අපි ඔවුන්ගෙන් බදු අය කරන්නේ නැහැ කියලා. දැන් පොලිය 24%ක් වුණත් ඒ පොළිය ඉදිරියේ දී තවත් අඩු වෙන්න යනවා. මහ බැංකු අධිපතිතුමා කියලා තිබෙනවා උද්ධමනය 9%කට ගෙන එනවා කියා. එහෙම වුණොත් පොලිය 12% – 13%ක් වෙනවා. විපක්ෂය කියනවා නම් මේ තත්ත්වය තුළත් බදු පනවන්න අවශ්‍යයි කියා. බදු අය කිරීමට අවශ්‍ය ප්‍රමාණය අපට කියන්න. අපි සූදානම් කැබිනට් මණ්ඩලයෙන් එය සලකා බැලීමට.

තෙවනුව තවත් චෝදනාවක් කරනවා. බැංකුවලට ආදායම් බදු වැඩි කරන්නේ නැහැ කියලා. අපට පුළුවන් බැංකුවලින් අය කරන බදු ප්‍රමාණය වැඩිකරන්න.  එවිට මොකක්ද බැංකුව සිදු කරන්නේ, ඔවුන් එම වැඩිවන බදු මුදල පොලියෙන් අය කරගන්නවා. එතකොට පොලියට 12%ක් වුණත් මේ නිසා එය 13%- 14%ක් වෙනවා. එතකොට පොලිය වැඩිකරන්නද අපට කියන්නේ. ඒක කොහොමද කරන්නේ. ඒ නිසයි මෙම කරුණු 03 අපේ කතිකයන් ප්‍රතික්ෂේප කළේ.

ජනතාව හෙට බැංකුවට ගිය විට තමන්ගේ මුදල් තිබෙනවා. තමන්ගේ අර්ථ සාධක අරමුදල තිබෙනවා. එතකොට විපක්ෂය මොකක්ද මේ කළේ කියලා අහන්න වෙනවා. අපිට රට පුරා කියන්න පුළුවන් විපක්ෂය පළමු පාරත් බොරු කිව්වා, දෙවනි පාරත් බොරු කිව්වා. විපක්ෂය මේ වැඩපිළිවෙළට එකතු වෙන්නේ නැහැ කියලා. .

නමුත් මම එහෙම කියන්නේ නැහැ. මම මෙහිදී සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ සම්පූර්ණ විපක්ෂයෙන් ඉල්ලීමක් කරනවා දැන් හරි මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න අපත් සමග එක්වන්න කියලා. ඊට පසුව ඔවුන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන් අපිත් රට ගොඩනඟන්න  උදව් කළා කියලා.

ආණ්ඩු පක්ෂයේ හිටියත්, විපක්ෂයේ හිටියත් අපි එකතුවෙලා රට ගොඩනගමු. දැන් ඒ අවස්ථාව උදා වෙලා තිබෙනවා. ඒ නිසා මම නැවත ඉල්ලනවා, මේ රටේ ජනතාවට සහනයක් දෙන්න කරුණකරලා අපත් සමග එක්වන්න කියලා. මේ විදියට බොරු තර්ක ඉදිරිපත් කරලා හරියන්නේ නැහැ. විපක්ෂය දිගටම එයින් අසාර්ථක වී තිබෙනවා.

අවශ්‍ය නම් මම සූදානම් කතානායකතුමා සමඟ සාකච්ඡා කර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තවත් වගකීම් දෙන්න. දැනටත් ඔවුන් උපදේශක කාරක සභා ආදියෙහි වගකීම් දරනවා.  ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ අය වැය කාර්යාලය විවෘත කිරීම ඇතුළු තවත් වැඩකටයුතු සිදු වෙනවා. ඒ නිසා තවත් අවශ්‍ය නම් වගකීම් දෙනන් අපි සූදානම්. කරුණාකර ආණ්ඩුවට සහාය දෙන්න. විපක්ෂනායක කමට කිසිදු තර්ජනයක් වීමට අප ඉඩ දෙන්නේ නැහැ කියලත් මම කියන්න කැමතියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාව සහ ජපානය සමග ලංකාව කරන ගනුදෙනුව අනුව චීනය ණය ප්‍රතිව්‍යුගත කිරීමට සූදානම්…

Next Post

නැටුම් ගුරුවරයා පාසලේ 09 වසරේ සිසුවෙක් අපයෝජනය කරලා… කිසිවෙකුට නොකියන ලෙස විදුහල්පතිගෙන් දෙමව්පියන්ට බලපෑම්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.