පසුගිය 11 වැනිදා බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දෙවස්ථානයේ තිබී හමු වූ අත්බෝම්බයට අදාල විමර්ශන තවමත් තිබෙන්නේ මූලික අදියරේ බවත් මේ සම්බන්ධව සියලු පරීක්ෂණ කර වැරදි කරුවන් හැකි ඉක්මනින් අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිස්පති ඩී.සී වික්‍රමරත්න පවසයි.
මින් පෙර කොළඹ නාරාහේන්පිට පුද්ගලික රෝහලක තිබී මේ ආකාරයටම බෝම්බයක් හමුවු අයුරු සිහි කළ පොලිස්පතිවරයා මාස 3කට පසු කළ පුලුල් විමර්ශනයකින් පසු සියලු පුද්ගලයින් නීතිය හමුවට පැමිණ වූ බව කීවේය.
මේ සිද්ධිය සම්බන්ධවත් සියලු කරුණු විමර්ශනය කර අදාල පුද්ගලයින් නීතිය හමුවට පමුණුවන ලෙස තමන් නියෝග කර ඇති බව පොලිස්පතිවරයා පැවසීය.
ඔහු මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කරමින් මෙසේ ද කීවේය.
“පසුගිය 11 දා බොරැල්ල පොලිස් වසමේ සියලු ශාන්තුවරයන්නගේ දේවස්ථාන යේ අත්බෝම්බයක් හමුවීම සම්බන්ධව මුලින්ම බොරැල්ල පොලිසිය පරීක්ෂණ ආරම්භ කළා. පසුව කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වන්න කටයුතු කළා.“
“අදාල සීසීටීවී දර්ශන මේ සඳහා නීතියේ විධි විධාන ප්‍රකාරව උපයෝගී කරගත්තා. එම සිසීටීවී දර්ශන හා පරවේශනීය සාක්ෂි මගින්ද පුද්ගල තොරතුරු මත හෙළි වූ සාක්ෂි මගින් ද තව දුරටත් මේ සම්බන්ධව විරමර්ශන කරමින් පවතිනවා.“
‘එමෙන්ම මේ වනවිට ප්‍රකාශ 14ක් සටහන් කරලා තියනවා. එයට අමරව සියලු සාක්ෂි රැස්කරමින් තවදුරටත් විමර්ශන සිදුකරනවා.“
“මේ සිද්ධියට අදාල විමර්ශන තවදුරටත් අවසන් වෙලා නෑ. ඒ වගේම විද්‍යාත්මක පරවේශනීය හා තාක්ෂණික සාක්ෂි ඔස්සේත් පුද්ගල සාක්ෂි ඔස්සේත් අදාල ක්ෂේත්රයන්හි විශේෂඥ සහාය ලබා ගනිමින් තවදුරටත් අඛණ්ඩ විමර්ශන සිදුකරනවා.
මේ විමර්ශන තවමත් මූලික අදියරේ පවතින්නේ. ඉහත පරිදි සියලු සාක්ෂි උපයෝගී කරගනිමින් මේ අත්බෝම්බය දේවස්ථානය වෙත රැගෙන ආ පුද්ගයා හෝ පුද්ගලයන් කවුරුද, කුමණ ප්‍රදේශයක සිට කුමණ අරමුණක් සඳහා මෙය රැගෙන විත් තිබේ ද මේ සඳහා යම් පිරිසක් කුමන්ත්‍රණය කර තිබේ ද ආධාර අනුබල ලබාදුන් පුද්ගලයන් කවුරුන්ද යන්න පිළිබඳවත් පූර්ණ විමර්ශනයක් සිදුකරනවා.
සිද්ධියට අදාලව මේ වනවිටත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත්, විමර්ශනයේ ප්‍රතිගතිය සම්බන්ධයෙන් වාර්තා මගින් ගරු අධිකරණය වෙත කරුණු දැනුම් දීමට ද කටයුතු කරන බවත් පොලිස්පතිවරයා කියයි.