ලලිත් චාමින්ද –
බෙලිඅත්ත පස් දෙනෙකු ඝාතන සිද්ධිය අදාළ සැකකරුවෙකු සහ අපරාධය යොදා ගත් වාහනය අද පොලිස් ගෙන ගත්තේය. අත් අඩංගුවට ගත්තේ අංක 65–2615 දරණ PEJERO MITSUBISHI ජීප් රථය ය.
රථය අත් අඩංගුවට ගන්නේ ගාල්ල චීනකොරටුව විද්‍යාලෝක පිරිවෙනේ රථ ගාලේ තිබියදීය. සිද්ධිය සම්බන්ධයෙන් මාතර කොට්ඨාස භාර නිළධාරිගේ අධීක්ෂණය යටතේ හක්මන පොලිස් ස්ථානාධිපති ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් මෙරට සිට මෙම අපරාධය මෙහෙයවා ඇති පුද්ගලයා ද ඊයේ අත් අඩංගුවට ගත්තේය.
ඔහු අවුරුදු 54ක් පමණ වයසැති සමන් කුමාර නැමැත්තෙකි. මෙම සැකකරු අපරාධය සදහා පැමිණි වාහනයේ රියදුරු වශයෙන් කටයුතු කරමින් මෙම අපරාධය සැලැසුම් කර ඇති බව අනාවරණය වූයේය.
ඔහුගෙන් විශාල තොරතුරු ප්‍රමාණයක් හෙළි වෙමින් ඇතැයි ද විමර්ශන අංශ කියයි. වඩාත් ඉක්මනින් මෙම අපරාධයට සම්බන්ධ අපරාධකරුවන් අත් අඩංගුවට ගතහැකිවනු ඇතැයි විමර්ශණ අංශ විශ්වාස කරයි.







