සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් කියා ඇවිත් හිමි නමගේ දුරකතන සිම්පත් සොරාගෙන බැංකු ගිණුමට විදලා…

by editor
සැප්තැම්බර් 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

දුෂ්කර දීමනාවක් ලබා දිමට විස්තර ලබා ගැනීමට බුද්ධ සාසන අමාත්‍යංශයෙන් යැයි පවසා විහාරස්ථානයට පැමිණි කාන්තාවක හා පිරිමි පුද්ගලයෙකු හිමි නමගේ දුරකතන සිම්පත සොරකම් කරගෙන ගොස් බැංකු ගිණුමේ තිබූ රුපියල් 80,000ක මුදලක් ඔන්ලයින් ක්‍රමයට සොරා ගැනීමේ සිද්දියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බව ලුණුගම් වෙහෙර පොලිසිය පවසයි.

බෙරලිහෙල,වම් ඉවුර සඳගල ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටින 59 හැවිරිදි ලාල්පේ බුද්ධරක්ඛිත හිමියන් විසින් ලුණුගම්වෙහෙර පොලිසියට මෙම පැමිණිල්ල සිදුකර තිබේ.

මිට දින කිහිපයකට පෙර තණමල්විල මහජන බැංකුවෙන් බව පවසා මෙම හිමියන්ට දුරකතන ඇමතුමක් ලැබුණු බවත් වැට් එකට ගිණුමෙන් මුදල කැපෙන බවත්, එය නැවැත්විම සඳහා විස්තර අවශ්‍ය බවත් පවසා ජාතික හැදුනුම්පත් අංක ආදිය ලබා ගැනීමෙන් පසු ගිණුම් මුරපදය ඉල්ලා තිබේ.

එවිට සැක සිතී එම හිමියන් තොරතුර ලබා දිම ප්‍රතික්ෂේක කර ඇත.

ඉන්පසු යළිත් පසුගිය 01 වන දින වෙනත් දුරකතන අංකයකින් බුද්ධ සාසන අමාත්‍යංශයෙන් බව පවසා මෙම හිමියන්ට ඇමතුමක් ලැබී තිබේ. එහිදී පවසා ඇත්තේ දුෂ්කර දිමනාවක් ලබා දිම සදහා විස්තර අවශ්‍ය බවත් ඒ සඳහා පැමිණෙන නිළධාරීන් දෙදෙනාට විස්තර ලබා දෙන ලෙසත්ය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ඒ අනුව එදිනම දවහල් 10ට පමණ වයස අවුරුදු 30ක පමණ වයසේ පසුවන පිරිමි පුද්ගලයෙකු හා අවුරුදු 45තරම් වයසේ පසුවන කාන්තාවක විහාරස්ථානයට පැමිණි මෙම හිමි නම බැහැදැක තමන් බුද්ධ සාසන අමාත්‍යංශයේ බව පවසා බැංකු ගිණුම් ඇතුළු විස්තර ඉල්ලා තිබේ.

එම අවස්ථාවේ මෙම හිමි නම සිය ජංගම දුරකතය එම ස්ථානයේම තිබියදී ලිපිගොනු රැගෙන ඒම සදහා ආවාසය තුළට ගොස් ඇත. අදාල ලිපි ලේඛන විස්තර ලබා ගැනීමෙන් පසු දෙදෙනා පිටත්ව ගොස් තිබේ.
මද වේලාවකින් හිමි නම දුරකතනය පරික්ෂා කිරීමේදි එහි සිම්පත් දෙක නොමැති බව දැක සැක සිතී කඩිනමින් තිස්සමහාරාම පිහිටි රාජ්‍ය බැංකුවකට ගොස් සිය ගිණුම් පරීක්ෂා කර ඇත.

හිදී දැනගැනීමට ලැබී ඇත්තේ ගිණුමේ තිබූ මුදල ඔන්ලයින් ක්‍රමයට ලබාගෙන ඇති බවය.ඒ අනුව හිමි නම විසින් සිද්ධිය සම්බන්ධයෙන් ලුණුගම් වෙහෙර පොලිසියට පැමිණිල්ලක් ගොනු කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසර පෙත්තතන්ත්‍රි මහතාගේ උපදෙස් පරිදි ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක චින්තක වික්‍රමරත්න ඇතුළු නිළධාරීන් පිරිසක් විමර්ශන පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කරු පරණවිතාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි!

Next Post

නිරිත දිග ගැඹුරු මුහුදේ දී නැවක ගැටුණු බහුදින ධීවර යාත්‍රාවක ධීවරයින් 03ක් අතුරුදහන්… සිවු දෙනෙක් බේරාගනී… එක් ධීවරයෙකුට අසාධ්‍යයි…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.