මනම්පිටිය නිමල් ජයරත්න –
දිඹුලාගල අධ්‍යාපනය කලාපයට අයත් සෙවණපිටිය ප්‍රාථමික විද්‍යාලයේ හත්වෙනිදා පැවැති පහ වසර බුද්ධ ධර්මය පෙරහුරු ප්‍රශ්න පත්‍රය වෙනුවට එම විදුහලේ වැඩ බලන විදුහල්පතිය විසින් අන්‍යාගමික ප්‍රශ්න පත්‍රයක් ලබාදීමෙන් තම දරුවන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව එම දරුවන්ගේ මව්පියවරු චෝදනා කරති.
බුදු දහම උගන්වන විද්‍යාලයක් හැටියට තම දරුවන්ට අන්‍යාගමික ප්‍රශ්න පත්‍රයක් ලබාදීම සම්බන්ධයෙන් තමන් බලවත් විරෝධය දක්වන බවත්, මෙම ප්‍රශ්න පත්‍රය ලබාදීමත් සමඟ තම දරුවන් දැඩි අපහසුතාවයට පත් වූ බවත්, වැඩ බලන විහල්පතිනියට විරුද්ධව වහාම පරීක්‍ෂණයක් සිදුකරන ලෙසත් එම දරුවන්ගේ මව්පියවරු ඉල්ලා සිටිති.
අන්‍යාගමික ප්‍රශ්න පත්‍රය විදුහල්පතිවරිය විසින්ම බෙදීමත් සමග පන්තිභාර ගුරුවරිය ඊට දැඩි විරෝධය පළ කර තිබෙන බවද වාර්තා වේ.
අනතුරුව පාසලේ මවුපියන් ඒ පිළිබඳ දැනගැනීමත්, සමග වැඩ බලන විදුහල්පතිවරියට දැඩි විරෝධය එල්ල වී ඇත.
ඉන් අනතුරුව ප්‍රශ්න පත්‍රය ලබාදීම නතර කිරීමට කටයුතු කළ බවත්, දරුවන්ට නිසි කාලය තුළ බුද්ධ ධර්මය විෂය සඳහා සඳහා ලබාදෙන පෙරහුරු ප්‍රශ්නයට පිළිතුරු ලිවීමට නොහැකි වූ බවත් දෙමව්පියවරු චෝදනා කරති.
අප මෙම චෝදනාව පිළිබඳ සෙවනපිටිය ප්‍රාථමික විද්‍යාලයේ වැඩ බලන විදුහල්පතිනියගෙන් විමසීමට කළ උත්සාහය ව්‍යර්ථ විය.
අනතුරුව අප දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම්. මුස්ලමීන්ගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ තමා ඒ සම්බන්ධ දැනුවත් වී ඇති බවත්, ඊට එරෙහිව වහාම පරීක්ෂණයක් සිදු කරන බවත්ය., .







