බීබීසී පුවත් සේවය එහි සාම්ප්‍රදායික රූපවාහිනී හ ගුවන් විදුලි විකාශ වසා දැමීමට සූදානම් වන බව එහි අධ්‍යක්ෂ ජෙනවාර් ටිම් ඩේවි පවසයි.
ඉදිරි දශකය තුළ එය අන්තර්ජාල සේවාවක් පමක් වන බැවින් මෙම තීරණය ගත් බව ඔහු පැවසීය.
“රූපවාහිනී හා ගුවන් විදුලි ක්‍රියා විරහිත කර අන්තර්ජාලයට පමණක් සීමා වූ විකාශන ක්‍රමයක් සමඟින් තේරීම් අසීමිත වීම ගැන සිතා බලන්න… විකාශනය ක්‍රියා විරහිත කිරීම එක්වර සිදු වෙන්නක් නෙමෙයි.. එය සැලසුම්කාරීව ඉදිරියේදී සිදු වෙන්නක්..”
ඔහු සඳහන් කළ බව ‘ද ගාර්ඩියන්’ වෙබ් අඩවිය සඳහන් කරයි.
“බීබීසී සජීවී විකාශනය සඳහා කැපවී සිටින නමුත් 2030 ගණන් වන විට බොහෝ ස්වාධීන නාලිකා සහ ගුවන්විදුලි මධ්‍යස්ථාන වසා දැමීමට බ්‍රිතාන්‍යයන් සූදානම් විය යුතු බව ඩේවි පැවසීය.
“කාලයත් සමඟ මෙයින් අදහස් වන්නේ රේඛීය විකාශන සේවා අඩු වන අතර වඩාත් ගැලපෙන සබැඳි පිරිනැමීමක් වනු ඇත..”







