බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බිලියන ගණනක් වටිනා අලුත්ම මෝටර් රථ 3000ක් සමග මහ යසුරේ දි නෞකාවක් ගිනි ගනි…

by editor
ජූනි 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වනවිට සාගරය මැද අත්හැර දැමූ මහා නෞකාවක් දැවෙමිනි. අත්හැර දැමූ නෞකාව මෝනිං මිඩාස්ය. ඇලස්කාවේ ඇඩැක් දූපතට කිලෝමීටර් 482 ක් පමණ දුර නිරිත දෙසින් නෞකාව දැවෙමින් තිබේ.

ලයිබීරියාවේ ධජය සහිත නෞකාව මැයි 26 වන දින චීනයේ යන්තයි වරායෙන් පිටත් වී මෙක්සිකෝවේ ලාසාරෝ කාර්ඩනාස් වෙත යමින් සිටියේය. නෞකාවේ රැගෙන යමින් තිබුණේ තුන්දාහකට වැඩි නවීන වාහන තොගයකි. හරියටම කියනවා නම් වාහන 3081කි. ඉන් 70 ක් සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ක්‍රියාත්මක වාහනය. 861 ක් හයිබ්‍රීඩ් වාහනය.

නෞකා සමාගම වූ Zodiac Maritime බදාදා කීවේ ගින්න නිවා දැමීම නොහැකි වීම නිසා නෞකාව අත්හැර දමා 22ක් නෞකාවේ කාර්ය මණ්ඩලය ජීවිත ආරක්ෂක බෝට්ටු යොදවා ආරක්ෂිතව ඉවත් කළ බවය. එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය සමඟ එක්ව අසල පිහිටි වෙළඳ නෞකාවකට මෙම කාර්ය මණ්ඩලය යොමු කර ඇත..

මේ වනවිට නෞකාව හානිය අවම කරගෙන බේරා ගැනීමට හැකි ආකාරය ගැන Zodiac Maritime සමාගම අවධානය යොමු කරමින් ඇති ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සමාගම කියන්නේ ගින්න නිවීම අභියෝගයක් බවය. ගින්නෙන් ඇතිවන තාපය සහ නැවත ගිනිගැනීමේ අවදානම දින ගණනාවක් පැවතිය හැකි බවය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

වෙරළාරක්ෂක බලකාය උපුටා දක්වමින් රොයිටර් වාර්තා කරන්නේ තත්වය පාලනය කිරීම සඳහා ගුවන් කාර්ය මණ්ඩලය සහ කටර් නෞකාවක් යවා ඇති බවත්, යාත්‍රා තුනක් දැනටමත් එම ස්ථානයේ ඇති බවත්ය.

වාහන නෞකා ගිනි ගැනීමේ මෑත අත්දැකීම් අමතක නොවන මතකයන් සේ තිබෙ.

2022 දී, පෝර්ෂේ සහ බෙන්ට්ලි ඇතුළු සුඛෝපභෝගී මෝටර් රථ 4,000 ක් රැගත් නෞකාවක් පෘතුගීසි අසෝර්ස් දූපත් සමූහයෙන් ඔබ්බේ ගිනි ගත්තේය . නෞකාව සති දෙකක් දැවෙමින් පැවතිනි. අනතුරුව එය ගිලි ගියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය වෝහාරික විගණනයකට ලක් කිරීමට සූදානමක්!

Next Post

අද දහවල් 12න් පසු දුම්රිය රියදුරෝ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයෙන් ඉවත් වෙති!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.