සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය වෝහාරික විගණනයකට ලක් කිරීමට සූදානමක්!

by editor
ජූනි 5, 2025
in පුවත්
කෙහෙල්බද්දර පද්මේට හදා තිබූ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රය...

කෙහෙල්බද්දර පද්මේට හදා තිබූ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රය...

Share on FacebookShare on Twitter

සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සෑදීමේ සිද්ධියත් සමග මතුවූ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වය තුළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතියේ වෝහාරික විගණනයක් කිරීමට තීරණය කර තිබේ.

ඒ සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ සහයෝගය ලබා ගැනීමට නියමිතව ඇත.

පාතාල අපරාධකරුට ගුවන් ගමන් බලපත්‍ර සකස් කිරීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන ප්‍රගතිය පිළිබඳ අද (05) අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව අධිකරණයට දැනුම් දුන්නේය. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ඉදිරියේ අද එම නඩුව කැඳවූ අවස්ථාවේ දී ය.

විමර්ශනය පිළිබඳ ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේ මෙම නඩුවලට සම්බන්ධ ප්‍රශ්නගත අවිධිමත් විදෙස් ගමන් බලපත්‍ර දෙක සකස් කිරීමට දායක වූ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 09 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවය.

එමෙන්ම ප්‍රශ්නගත ගුවන් ගමන් බලපත්‍රය සෑදීම සඳහා ඡායාරූපය එවූ ජංගම දුරකථනය සිම්කාර්ඩ්පත් හිමිකරුගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගත් බව විමර්ශන නිධාරීහු කියා සිටියහ.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

මෙම ගමන් බලපත්‍රය නිකුත් කිරීම සඳහා යොදාගත් පරිගණක මෘදුකාංගය හිමි පුද්ගලික සමාගම් දෙකේ කළමනාකරුවන්ගෙන් ද මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ සැකකරුවන්ගේ භාරයේ තිබූ ජංගම දුරකථන හා පරිගණක විශ්ලේෂණය කර වාර්තා ලබා ගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති බවය.

කෙහෙල්බද්දර පද්මේට ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයා සේවට බැඳුන දා සිට මේ දක්වා නිකුත් කර තිබෙන විදෙස් ගමන් බලපත්‍ර පිළිබඳ වාර්තාවක් ලබාගෙන ඒ ඔස්සේ වැඩිදුර විමර්ශන පවත්වන බවත් ඔවුහු අධිකරණයට වාර්තා කළහ.

ඉහත කරුණු වාර්තාවෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ සැකකරුවන්ට අදාල පරීක්ෂණ අවසන් වී නැති බැවින් ඔවුන් තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.

මේ අවස්ථාවේ දි සැකකාර ආගමන විගමන පාලකවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ ඉකුත් දින මේ නඩුව කැඳවූ අවස්ථාවේ දී දැනට මේ නඩුව සම්බන්ධ කරුණු හැරුනු කොට වෙනත් සාක්ෂි තියනවා නම් ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ බවය.

නමුත් එවැනි සාක්ෂි කිසිවක් අද දින ඉදිරිපත් කර නොමැති බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය. මේ වනවිට සිදුවන විමර්ශන සියල්ල තාක්ෂණික කාරණා මත සිදුකරන විමර්ශන බැවින් ඊට මැදිහත්වීමට හෝ ඊට බාධා කිරීමට තම සේවාදාකයාට හැකියාවක් නොමැති බව කියා සිටි නිතිඥවරයා සිය සේවාදායකයා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියේය.

සෙසු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ද ඇප ඉල්ලීම් ඉදිරිපත් කළේය. සැකකරුවන්ගේ ඇප නියෝගය හෙට දින ප්‍රකාශයට පත් කිරීමට දින නියම කරමින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝග කළාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දූෂණ චෝදනා යටතේ අත් අඩංගුවට ගත් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරිනිය ඇප පිට නිදහස්!

Next Post

බිලියන ගණනක් වටිනා අලුත්ම මෝටර් රථ 3000ක් සමග මහ යසුරේ දි නෞකාවක් ගිනි ගනි…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.