සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බිරිය ඝාතනයට සැක පිට අත් අඩංගුවට ගත් සූරියවැව නගරයේ ප්‍රධාන ෆාමසියක හිමිකරුවෙක් රිමාන්ඩ්…

by editor
නොවැම්බර් 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සුරියවැව නුවන් ජයසේකර –

සූරියවැව නගරයේ පිහිටි වෙළඳසැලක උඩු මහලේ සිට පඩිපෙළින් බිමට වැටි මියගිය බව කියන දෙදරු මවකගේ මරණය සම්බන්ධයෙන් සූරියවැව පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සැක පිට ඇයගේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව   මේ මස 10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි මහතා ඊයේ (02) දින සවස නියෝග කෙරුණි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ රුහුණු ෆාමසිය, සූරියවැව නගරය ලිපිනයේ පදිංචිව සිටි ෆාමසියක හිමි කරුවෙකු වන එඩේරගේ නලින්ද ප්‍රසාද් නැමති දෙදරු පියෙකි.

මරණයට පත්ව ඇත්තේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු සැකකරුගේ බිරිද වන ලියනගමගේ රසිකා දමයන්ති නැමති දෙදරු මවය.

පසුගිය 01 වන දින අළුයම 04ට පමණ නිවසේ පඩිපෙළින් බිමට වැටී අනතුරකට ලක්ව ඇති බව පවසමින් සැමියා විසින් මරණකාරිය සූරියවැව රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහලට ඇතුළත් කරන විටත් දෙදරු මව මියගොස් සිට ඇති බව  රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේය. සැකකරු හා මරණකාරිය අතර කලක සිට පවුල් ආරවුල් පැවති ඇති බව මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇති අතර මියගිය කාන්තාවගේ ඥාතීන්ද පැවසුවේ දෙදෙනා අතර කලක සිට පවුල් ආරවුල් නිතර පැවති බවය. මරණයට පත් වීමට පෙර දිනයේ රාත්‍රියේද දෙදෙනා අතර බොහෝ වේලාවක් ගැටුමක් ඇතිව තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඒ අනුව මෙම මරණය සැක සහිත බවට මරණකාරියගේ මව වන කංකානම් ගමගේ ප්‍රේමාවතී යන අය හා සහෝදරියක වන ලියනගමගේ රමණි යන අය විසින් සූරියවැව පොලිසියට පැමිණීල්ලක්ද ගොනු කර තිබේ.

ඒ අනුව මෙම මරණය සම්න්ධයෙන් සූරියවැව පොලිසිය හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු හම්බන්තොට මහේස්ත්‍රා හා අතිරේක දිසා විනිසුරු වරයා විසින් සිද්ධිය වු ස්ථානයට පැමිණි මහේස්ත්‍රාත් පරික්ෂණය පැවැත් වු අතර සිරුර හම්බන්තොට මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය වරයා හමුවට ඉදිරිපත් කර පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට සූරියවැව පොලිසිය නියෝග කරන ලදි.

ඒ අනුව  දේහය පිළිබද පශ්චාත් මරණ පරික්ෂණය පැවැත් වු හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරී දිල්හානි අමරසිංහ   විසින් මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී ඇත.

සිද්ධිය පිළිබදව තංගල්ල කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.කීර්තිරත්න, සුරියවැව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත කාර්යවසම් ගේ උපදෙස් පරිදි සූරියවැව පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිස්පති නැති රටේ…

Next Post

රජයෙන් සුබවාදී ප්‍රතිචාර… වෛද්‍ය වර්ජනය තාවකාලිකව නවතී….

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.